වසර මිලියන 100කට වඩා ඉපැරණි හොඳින් සංරක්ෂණය වී පැවති ඩයිනසෝර් පාද කොටස් කිහිපයක් එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයෙන් හමුවී තිබේ. සසෙක්ස් ප්‍රාන්තයට අයත් හැස්ටින්ග්ස් ප්‍රදේශයේ පසුගිය කාලයේදී සිදුවූ වෙරළ ඛාදනයෙන් පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් අවම වශයෙන් විශේෂ 7කට අයත් ඩයිනසෝර් සත්ත්වයන්ගේ පාද කොටස් සොයා ගැනීමට සමත් වී ඇත.
සෙන්ටිමීටර් 2 සිට සෙන්ටිමීටර් 60 දක්වා විශාලත්වයෙන් යුතු එම කොටස්වල සම, නියපොතු ආදිය පවා පහසුවෙන් දැකගත හැකි පරිදි ආරක්ෂා වී තිබේ.
මෙතෙක් ඩයිනසෝර් පාද කොටස් 85කට වැඩි සංඛ්‍යාවක් හමුවී ඇති අතර එම කොටස් ජුරාසික් යුගයට පසුව පැමිණි ක්‍රිටේසියස් (Cretaceous) යුගයේ මුල් වකවානුවට අයත් බව සැලකේ.
0 Comments