එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය අතරතුරදි පන්දුව දමා ගැසීමේ චෝනාවට ලක්වූ ශ්‍රී ලංකා පිලේ අකිල ධනංජයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති ප්‍රකාරව දින 14ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට තහවුරු කිරීමට නියමිතව ඇති හෙයින් ඔහු මේ මස 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී මේ පරීක්ෂණයට සහභාගිවීමට නියමිතය.
ඒ අනුව එදිනම කොළඹ එස්.එස්.සී පිටියේදී ආරම්භවන ශ්‍රී ලංකා එංගලන්ත අවසන් ටෙස්ට් තරගයට ඔහු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඊයේ කීවේය.
මේ අතර පාදයේ ආබාධය සුවවී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අද (19) ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණදීමට නියමිත බවත්, තෙවැනි ටෙස්ට් තරගයට ඔහු සහභාගිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් පුහුණුකරු ප්‍රකාශ කළේය.

0 Comments