හාලිඇල මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටි ප්රධානතම ක්රීඩා පිටිය වන හාලිඇල මහජන ක්රීඩාංගණය සංවර්ධන කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
මේ යටතේ ක්රීඩාංගණය වටා ආරක්ෂක බැම්මක්, දැල් ආවරණයක් සහ පිවිසුම් ගේට්ටුවක්ද ඉදිකිරීමට නියමිතව ඇති අතර ක්රීඩා අමාත්යාංශයේ ප්රතිපාදන මත ඒ සඳහා රුපියල් මිලියන 14 ක පමණ මුදලක් වැය කෙරේ. දීර්ඝ කාලයක් තිස්සේ නිසි පහසුකම් හෝ ආරක්ෂාවක් නොමැතිව පැවැති මේ ක්රීඩාංගණයේ තිබූ පැරණි ක්රීඩාගාරයද ඉවත් කොට ඒ වෙනුවට ආසන 150 ක් පමණ යෙදිය හැකි පඩිපෙලක් හා වේදිකාවක් සහ සෙසු පහසුකම් සහිත නව ක්රීඩාගාරයක්ද ක්රීඩා අමාත්යාංශයේ ප්රතිපාදන මත මේ වසර මුලදී ඉදිකොට අවසන් කෙරිණි.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ (C.E.C.B.)අධීක්ෂණය මත පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් මඟින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන අතර මේ වන විට සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් වීමට නියමිතය.
ඡායාරූප - හාලිඇල සමූහ
හාලිඇල සමූහ - ආර්.එම්.විජේරත්න

0 Comments