Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් හමුදා විවෘත ස්කොෂ් බොරලැස්ගමුව සමූහ සෙනෙවිරත්න කහටපිටිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වැනි ස්කොෂ් විවෘත තරගාවලියේ විවෘත අංශයේ කාන්තා ශූරතාව දිනාගැනීමට ෆාතුම් ඉසදීන් සමත්වූවාය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් තරග වැදුණු මේ තරගාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාව දිනාගනු ලැබුවේ රවිඳු ලක්සිරි විසිනි.

රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ගෘහස්ත ක්‍රීඩා ශාලාවේ පසුගියදා පැවැති මේ තරගාවලියේ ශූරයාට එයාර් චීෆ් මාෂල් පී.එච්. මෙන්ඩිස් අභියෝගතා කුසලානය හිමිවූ අතර ශූරියට එයාර් චීෆ් මාෂල් හැරී ගුණතිලක අභියෝගතා කුසලානය හිමිවිය.

අවුරුදු 9න් පහළ, 11න් පහළ, 15න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ බාලක බාලිකා තරග ද, අවුරුදු 35න් , 45න් ඉහළ සහ 50න් ඉහළ පිරිමි සහ ආධුනික තරග මීට ඇතුළත් විය.

අවසන් මහා තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් කේ.එන්.ආර්. ප්‍රනාන්දු මහතා සහභාගි විය.

ඡායාරූප බොරලැස්ගමුව සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();