Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි මැතිවරණවලට පොහොට්ටුව ලකුණින්.

Pohottuwa

ඉදිරි සියලුම මැතිවරණවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කර සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ  මේ වන විට අගමැතිධූරයට පත්ව සිටින හෙයින් ඔහුගේ ආශීර්වාදයෙන් සියලු මැතිවරණ සඳහා ඉදිරිපත්වන බව ලේකම්වරයා කියා සිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන පක්ෂයක් බවට පත්කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

ඒ අනුව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ ආදිය අහෝසි වන්නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්  ලේකම්වරයා පැවසුවේ සාමාන්‍යයෙන් ලොකු පක්ෂය වටා එකතුවීමක් හැර පොඩි පක්ෂ වටා ලොකු පක්ෂ එකතු නොවෙන බවයි.

මෙම තත්ත්වය මත සෙසු පක්ෂවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත විය හැකි බවයි  පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ.

The post ඉදිරි මැතිවරණවලට පොහොට්ටුව ලකුණින්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();