Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රෙඩ් බුල් ලෙවල්ස් සිවුවැනි අදියර බෙන්තොට දී

බාධක හා අභියෝග ජයගෙන ජයග්‍රහණය සොයා යන රෙඩ් බුල් ලෙවල්ස් (RED BULL LEVELS) සිවුවනි වරටත් බෙන්තොට මුහුදු තීරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මින්පෙර 2015, 2016 සහ 2017 වර්ෂවලදී සාර්ථක ලෙස පැවැති මෙම Red Bull Levels අභියෝගාත්මක තරගාවලිය එක්තරා ආකාරයක සිරුරේ හා මනසේ ඒකාග්‍රතාවය මැන බැලිය හැකි පරීක්ෂණයක් බඳුවේ.

Red Bull Levels යනු පුරාතනයේ සිට පැවත එන රිටි පන්න ධීවර කර්මාන්තයේත් අතුරේ යමින් රා මැදීමේ කර්මාන්තයේත් අභියෝගාත්මක භාවය සුසංයෝග කර ජවය, ශක්තිය, මානසික ඒකග්‍රතාවය සහ කණ්ඩායම් හැඟීම උරගා බැලීම සඳහා සකස් කෙරුණු තරගාවලියක් වේ. එක් කණ්ඩායමකට තරගකරුවන් 4ක් බැඟින් තරගකරුවන් 800කට වඩා වැඩි පිරිසක් මෙවර අපේක්ෂා කරයි.

මිරිස්සේදී පැවැති Red Bull Levels ශූරතාව දිනාගත් R.D.S Surf School ජයග්‍රාහකයන් මේ පිළිබඳ අදහස් දක්වමින් “Red Bull Levels කියන්නේ නිර්මාණාත්මක මෙන්ම අභියෝගත්මක තරගාවලියක්. ඒවගේම වෙන කවරදාකටවත් වඩා කණ්ඩායම් හැඟීමෙන් සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැනෙනවා. පුද්ගලික අභියෝගාත්මක දක්ෂතා මැන බලාගන්නට නම් රෙඞ් බුල් තරගාවලියකට සහභාගී වන්නට ඕනෑ. කණ්ඩායමක් ලෙස තරග වැදුනත් මුහුදු රළ වැදෙන කොට රිට මත සිට ගැනීමත්, කඹ අතර සමබරව ගමන්කිරීමත් යන ඒවා ඉතාමත් අභියෝගාත්මකයි වගේම සමබර වන ආකාරය තේරුම් ගැනීම ඉතාම අපහසු කාරණාවක්. ඒකට උපායශීලි වෙන්නට ඕන. ඇත්තටම ඒක ඉතාම විනෝදජනක අත්දැකීමක්”.

මේ වසරේදී Red Bull Levels හි තරගවැදීමට අපේක්ෂා කරන තරගකරුවන් 23 වනදාට පෙර තම කණ්ඩායම ලියාපදිංචි කළ යුතු වන අතර මෙවර ජයග්‍රාහකයන් සඳහා රු. 500,000 ක මුදලක් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.

Red Bull Levels සඳහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර redbull.com/levels තුළට පිවිසීමෙන්කණ්ඩායමත් ලියාපදිංචි කළ හැකි අතර නවතම තොරතුරු දැනගැනීමට ෆේස්බුක් හි Red Bull event page - Red Bull Levels හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();