Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

ෆවුස් මොහොමඩ්

පිට පිට සිය පස්වැනි ලීග් ශූරතාව හඹා යන මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය නිමාවනවිටත් පෙරමුණ රැක ගැනීමට සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පසුගියදා නිත්තවෙල දී පැවැති තරගය ලකුණු 32-23කින් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගත් අතර ප්‍රසාද ලකුණු 2ක් සමග සමස්ත ලකුණු 12ක් ලබා සිටී. පළමු සතියේ ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 28-19ක ජයක් වාර්තා කිරීමට මහනුවර පිල සමත්විය.

ඩයලොග් ආසියාටා සමාගම අඛණ්ඩව සත්වැනි වරටත් අනුග්‍රාහකත්වය ලබා දෙන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු සතියේදී යුද හමුදාවට එරෙහිව ලකුණු 23-12ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව සිටි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය දෙවැනි සතියේදී සී.එච්. පිලට එරෙහිව ලකුණු 30-29ක තියුණු ජයක් ලබමින් සිය ස්ථානය රැකගත්තේ ප්‍රසාද ලකුණු 11ක් සමගිනි.

මේ අතර පළමු සතියේදී පොලිස් කණ්ඩායම ලකුණු 24-23කින් පරදවා තුන්වැනි තැනට පත්ව සිටි නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවැනි සතියේදී ලකුණු 28-22කින් පරාජය කළ සී.ආර්.පිල තුන්වැනි තැන අත්කරගැනීමට සමත්විය. පළමු සතියේදි ලකුණු 24-23කින් සී.එච්.පිල පරාජය කළ සී.ආර්.පිල තුන්වැනි ස්ථානය තහවුරු කරගත්තේ ප්‍රසාද ලකුණු 10ක් ලබමිනි.

ප්‍රසාද ලකුණු 6 බැගින් ලැබූ යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථාන ලබා සිටී.

සිය පළමු තරගයෙන් හැව්ලොක්ස් පිල හමුවේ පරාජයට පත්වූ යුද හමුදා පිල දෙවැනි තරගයේදී ලකුණු 29-21කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත්විය.

සිය පළමු තරගයෙන් සී.ආර්.පිල හමුවේත්, දෙවැනි තරගයෙන් හැව්ලොක්ස් පිල හමුවේත් එක් ලකුණකින් පරාජයට පත්වූ ප්‍රබල සී.එච්.පිල ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි තැන පසුවන අතර පොලිස් කණ්ඩායම 7 වැනි ස්ථානයෙත්, ගුවන් හමුදා පිල අටවැනි ස්ථානයෙත් පසුවෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();