Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෑගල්ල නගර සභා ක්‍රීඩාංගණය නවීකරණය වෙයි

සබරගමුව සමූහ ගාමිණි රම්‍යපාල

ශ්‍රාමිය දක්ෂයන් ජාතික තලයට හා ජාත්‍යන්තරයට ගෙන යාමේ අභිප්‍රායෙන් එක් දිස්ත්‍රික්කයකට සුවිශේෂි ක්‍රීඩා පිටියක් ලබාදීමේ සංකල්පය මත කෑගල්ල ජනතාව වෙනුවෙන් ඉදිකළ මහජන ක්‍රීඩාංගණය පසුගියදා විදුලි බල හා පුනර්ජනණිය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත්විය. ක්‍රීඩා පිටිය විවෘත කිරීම නිමිත්තෙන් අවට පාසල් 11 කට රුපියල් තිස් දහසක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටලය බැගින් බෙදා දීමද මෙහිදී සිදුවිය.

ජාත්‍යාන්තර ප්‍රමිතියේ මංතීරූ 06 කින් යුක්ත පිහිනුම් තටාකයක්, ප්‍රභූන් හා මහජනතාව වෙනුවෙන් වෙන්වෙන්වු ප්‍රේක්ෂණාගාර සහිත ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සහ මීටර් 400 ධාවන පථය සහිත ක්‍රීඩාංගණය ද ඊට අයත් වෙයි.

ශරීරසුවතා මධ්‍යස්ථානය, ප්‍රේක්ෂණාගාරයට සම්බන්ධ මාධ්‍ය කුටිය, කාර්යාල සංකීර්ණය ද ඒ ඒ අංශයන්ට වෙන්වු ජලපහසුකම් හා සනීපාරක්සක පහසුකම් ද සහිත ඇදුම් මාරුකීරිමේ කාමර, ජාත්‍යාන්තර ප්‍රමිතියෙන් යුත් තණනිල්ලක් සහිත ක්‍රිකට් පිටිය, ක්‍රීඩා පුහුණු විම් මණ්ඩපද නව ක්‍රීඩා පිටිය එක්කර ඇති බව රජයේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ නේවාසික ඉංජිනේරු නුවන් ගුණරත්න මහතා පැවසීය.

ව්‍යාපෘතිය ආරම්භයේදී මේ සඳහා අපේක්ෂිත මුදල රු.මිලියන 254ක් වුවත් එය නිමාවනවිට සම්පුර්ණ වියදම රුපියල් මිලියන 350 ඉක්මවා විය හැකි බවද පැවසේ.

මේ අවස්ථාවට එක්වූ විදුලි බල හා පුනර්ජනණිය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා - ‘විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කය (කෑගල්ල) මලල ක්‍රීඩාවට, පාපන්දු, සහ ක්‍රිකට් ක්‍රීඩාවන්ට ප්‍රවේශවන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සිටිනවා. එයින් ඉදිරියට යන්නේ කීපදෙනයි. ඉදිරියට ගියේ කීපදෙනෙක් වුණත් ඒ කීපදෙනා ජාත්‍යාන්තරයට ද ගිහින් මේ රටට රන් පදක්කම් ගෙනත් දි තිබෙනවා. ජනාධිපතිතුමාගෙන් කෑගල්ලේ ජනතාවට ලැබුණු මේ ත්‍යාගය අපි සතුටින් භාරගෙන මේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් ක්‍රමවත්ව විදිමත්ව ඉටු කරමින් දැන් නිමාවක් දකිමින් සිටිනවා. මෙහිදි අපට සහාය දුන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු දෙනාට මම ස්තුතිය පුද කරනවා. ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් නවීකරණයවු කෑගල්ල ක්‍රීඩාංගණය ඉදිරියේදි රටට වීරයන් බිහිකරණ තෝතැන්නක් බවට පත්කිරිමට හැකිවේවා’ යැයි පැවසීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();