Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොර අස්සන් ගැසීමේ පරීක්ෂණය කබඩි ලේකම්වරයා මඟ හරියි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම ඉන්දියාව බලා යෑමට තිබූ විදෙස් සංචාරයකට ක්‍රීඩක නාම ලේඛනය සැකසීමේදී කබඩි තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනකුගේ අස්සන් ව්‍යාජ ලෙස යෙදීම සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණය කබඩි ලේකම්වරයා මගහරිමින් සිටින බව කබඩි විධායක සභිකයෝ පිරිසක් චෝදනා කරති. පසුගිය සදුදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී මේ පරීක්ෂණය පැවැති අතර අවසන් මොහොතේදී කබඩි ලේකම්වරයා පරීක්ෂණයට නොපැමිණෙන බව දැනුම්දී ඇත.

එදින කොළඹ ප්‍රදේශයෙන් ඈත සිට පරීක්ෂණය මෙහෙයවන නිලධාරීන් තිදෙනකු පැමිණ සිටියද කබඩි ලේකම්වරයා දිගින් දිගටම මේ පරීක්ෂණය මඟ හැරීම ගැටලුවක්වී ඇතැයි විධායක සභිකයන්ගේ චෝදනාවවී තිබේ. මේ පරීක්ෂණය මෙහෙයවන රත්නපුර කළාප අධ්‍යක්ෂ හා කබඩි තාක්ෂණික කමිටු අධ්‍යක්ෂ සනත් සමරසේකර, කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී අනුර විජේසිංහ හා ගාල්ල ක්‍රීඩා නිලධාරී බිම්සර ජනප්‍රිය යන මහත්වරු සහභාගීවී සිටියද එස්. එස්. මීගස්තැන්න මහතා සහභාගීවී නොමැත.

මේ හොර අස්සන් සිද්ධිය හේතුවෙන් ඉල්ලා අස්වූ ජාතික කබඩි තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි හා තේරීම් කමිටු සාමාජිකයන් වන පරාක්‍රම ඒකනායක, කේ. කේ. දසන්ත යන මහත්වරු මේ වනවිටත් ත්‍රී පුද්ගල පරීක්ෂණ මණ්ඩලය හමුවේ සිය ප්‍රකාශ සටහන් කොට අවසන් බව වාර්තා වේ.

ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ ක්‍රීඩක නාම ලේඛනයට අස්සන් තැබීමක් නොකළ බවත්, එවැනි නාම ලේඛනයක් තමන් නොදුටු බවත් තේරීම් කමිටු සාමාජිකයන් වන පරාක්‍රම ඒකනායක හා කේ. කේ. දසන්ත යන මහත්වරු පරීක්ෂණ මණ්ඩලය හමුවේ අවධාරණය කොට ඇත. තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කොට ඇත්තේ විධායක සභාවේ අනුමැතිය ක්‍රීඩක නාම ලේඛනයට ලබා ගන්නා බව පැවැසූ හෙයින් කබඩි ලේකම්වරයාගේ එම ඉල්ලීමට ගරු කිරීමක් ලෙස තම අස්සන යෙදූ බවය. එහෙත් විධායක සභාව කැඳවීමක් හෝ අනුමැතිය ලබාගත් බව තමන් නොදන්නා බව ද සඳහන් කොට තිබේ.

මේ අතර මේ සිද්ධියත් සමග කබඩි ජාතික පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට කබඩි සංගමයේ විධායක කමිටු සාමාජිකයෝ පියවර ගත්හ. ලබන වසරේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉලක්ක කොට නව පුහුණුකරුවකු පත්කළ යුතු බවට ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති අනුර පතිරණ මහතාගේ හා බහුතර සාමාජිකයන්ගේ මතයවී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();