ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ කැමරොන් බැන්ක්රොෆ්ට පනවා ඇති තරග තහනම ලිහිල් නොකරන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ තහවුරු කළේය.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ පසුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවීමෙන් වසරක තරග තහනමට ලක්වූ ස්මිත්ගේ සහ වෝනර්ගේ තහනමත්, මාස 9ක තරග තහනමට ලක්වූ බැන්ක්රොෆ්ගේ තරග තහනමත් ලිහිල් කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.
ලබන මාසය වනවිට ඔවුන්ගේ තරග තහනමෙන් මාස 9ක්ම සම්පූර්ණ වීමට නියමිත බැවින් දඬුවම ලිහිල් කළ යුතු බවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එරට ක්‍රිකට් ආයතනයට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටියේය.
එසේ වුවත් දඬුවම සම්පූර්ණ කරමින් ඉහත කී ක්‍රීඩකයන් තිදෙනාගෙන් බැන්ක්රොෆ්ගේ තහනම දෙසැම්බර් මස 29වැනිදායින් නිමාවට පත්වනු ඇති බවත්, ස්මිත්ගේ සහ වෝනර්ගේ තරග තහනම ලබන වසරේ මාර්තු මාසයේ 29 වැනිදා නිමාවනු ඇති බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කියා සිටියේය.
0 Comments