Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන තීන්දු නොව වෘත්තීයමය තීන්දු ගන්නා පරිපාලකයින් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බව සුව ඇමැති කියයි.

Srilanka_Japan
ලංකාවේ ආයතනවලට දේශපාලන තීන්දු නොව වෘත්තීයමය තීන්දු ගන්නා පරිපාලකයින් අවශ්‍යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. ජපානයේ ජයිකා ආයතනයේ ජපන් යෙන් මිලියන 1240 ක ආධාර මත රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉදි කරන ලද නව  ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේය.
මුළු මුදලින් යන්ත්‍රෝපකරණ සදහා වැය කර ඇති මුදල ජපන් යෙන් මිලියන 910 කි. ජර්මනිය, ජපානය, දකුණු කොරියාව සහ චීනය යන රටවලින් යන්ත්‍ර සූත්‍ර ආනයනය කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922 කි. මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337 ක් දක්වා වැඩි වෙයි. එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සපයනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ප්‍රවර්ධනයක් ඇති වී තිබෙනවා. ඖෂධ නිෂ්පාදනය කිරීම වැඩි කිරීමේ අරමුණින් තමයි මෙම කර්මාන්ත ශාලාව ඉදි කළේ. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් මම පියවර ගත්තා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කළා. විවිධ බලපෑම් එල්ල වුනා. නමුත් මම තීරණය කළේ මෙම ජනතා සේවාව මම නොකළහොත් ඉදිරියේ දී කිසිවෙක් නොකරන බවයි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබුනා. නමුත් අපට එය ක්‍රියාත්මක කිරිමට කාලයක් ගත වුනා. ජනතාවගේ අහිංසක ඉල්ලීම් වලට ඉඩ දිය යුතුයි. පෞද්ගලික රෝහල් නියාමනය කිරීම ඉදිරියේ දී සිදු කරනු ලබනවා. ඖෂධ මිල අඩු කිරීම නිසා ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ භාවිතය ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵල ලැබෙන විට තවත් වසරක් පමණ ගත වෙයි. රුපියල් සත වලට වඩා මනුෂ්‍යකම තමයි ඉතා වැදගත්. පොල් බෑයේ මිල, ඉන්ධන මිල ඉහළ ගිය විට කථා කරනවා. නමුත් ඖෂධ මිල අඩු වූ විට ස්ටෙන්ස් මිල අඩු වූ විට මාධ්‍ය කථා කරන්නේ නැහැ. මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් රෝගියෙක් වෙන්න පුළුවන්. එම නිසා මිනිස්සු ජීවත්කරවීම තමයි යහපාලනයේ පළමු පියවර විය යුත්තේ. එය අපි ඉටු කරනවා. ලෝක බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 200 ක මුදලක් සෞඛ්‍ය සේවාව ගොඩනැංවීම සදහා ලබාදෙනවා. පවතින රාජ්‍ය සේවයත් සමග එය වැය කිරිම තමයි ප්‍රශ්නය. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙනවා. 2019 වසරේ මාර්තු මාසය වන විට කර්මාන්ත ශාලා 15 ක් විවෘත කර ඖෂධ නිෂ්පාදනය සිදු කිරීමට හැකියාව ලැබෙනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන විට දුම්කොළ සමාගම්, ඖෂධ සමාගම්, පැණිබීම සමාගම් මට විරුද්ධව වැඩ කරනවා. නමුත් ජනාධිපතිවරයා මට යෝධ ශක්තියක් ලබාදෙනවා. විවිධ බලපෑම් එල්ල වුනත් අවශ්‍ය ක්‍රියාමාර්ග මම ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර තිබෙනවා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා  මට බලපෑම් එල්ල විය හැකි බව මගේ ආරක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉදිරිපත් වෙනවා. අපේ වැඩ පිළිවෙල ජාත්‍යන්තරය අගය කළත් මෙරට අගය කරන්නේ නැහැ. එය මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් සිදු වුනා. ලංකාව අගය නොකළත් ජාත්‍යන්තරය ඔහු අගය කළා. ලංකාවේ ආයතනවලට දේශපාලන තීන්දු නොව වෘත්තීයමය තීන්දු ගන්නා පරිපාලකයින් අවශ්‍යයයි. ඖෂධ ආනයන සමාගම් ප්‍රකාශ කරනවා ලාභයක් නොමැති බව. නමුත් ඇතැම් ඖෂධ සමාගම් තවමත් ෆාමසි වලට විශාල වට්ටම් ලබාදෙනවා. ඖෂධ මිල පාලනය කිරීමේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉටු කරන සේවාවත් ඉතාම වැදගත්.” යැයි පැවසීය.

The post දේශපාලන තීන්දු නොව වෘත්තීයමය තීන්දු ගන්නා පරිපාලකයින් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය බව සුව ඇමැති කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();