Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජ රට වෛද්‍ය පීඨයේ මතුවී ඇති අර්බුදය ගැන උසස් අධ්‍යාපන ඇමතිවරයාට ලිපියක්.

lnc 4

මේ වන විට ශ‍්‍රී ලංකා රජ රට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ නිර්මාණය වී ඇති ගැටලූ කාරී තත්වය නිසා එහි වෛද්‍ය ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටී ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයට පත්වෙමින් පවතින බව පවසමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගම,ය උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ හට ලිපියක් යොමුකර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

විජේදාස රාජපක්ෂ මහතා.
උසස් අධ්‍යාපන අමාත්‍ය,
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය,
වෝඞ් පෙදෙස, කොළඹ 07,

ඇමතිතුමනි,

රජ රට වෛද්‍ය පීඨයේ මතුවී ඇති අර්බුදය සම්බන්ධවයි.

මේ වන විට ශ‍්‍රී ලංකා රජ රට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ නිර්මාණය වී ඇති ගැටලූ කාරී තත්වය නිසා එහි වෛද්‍ය ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටී ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයට පත්වෙමින් පවතී. සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලෙස අපි මෙම ගැටලූව උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔබගේ අවධානයට යොමු කර සටිමු.

රජරට වෛද්‍ය පීඨයේ සියලූම ආචාර්ය මණ්ඩලය පරිපාලන තනතුරු වලින් ඉවතවී සටින නිසා පීඨයේ පරිපාලනය බ්ඳ වැටී ඇති අතර අධ්‍යාපන කටයුතු අඩාලවී විභාග පැවැතවීම ද නවතින තත්වයට පත්වෙමින් පවතී. වසර ගණනාවක් පුරා ආචාර්ය මණ්ඩලය වෙත ලබා දුන් රඳවා ගැනීමේ දීමනාව අත්තනෝමතික ආකාරයෙන් නැවැත්වීම මෙම ගැටලූවට ආසන්නතම හේතුව ලෙස නිරීක්ෂණය වන අතර 107 ක් සටිය යුතු වුවත් වර්තමානයේ ආචාර්ය මණ්ඩලය සමන්විත වන්නේ ආචාර්යවරුන් 43 දෙනෙකුගෙනි.

අවශ්‍ය පරිදි මුදල් වෙන් නොකිරීම නිසා විශ්ව විද්‍යාල පද්ධතියෙහි ඇති වී පවතින බරපතළ මානව හා හෞතික සම්පත් ඌනතාවයේ එක් ප‍්‍රකාශනයක් ලෙස මෙම ගැටලූව අපි දකිමු. එක් එක් විශ්ව විද්‍යාලවල පවතින විශේෂිත තත්වයන් අනවු මුදල් හා වෙනත් පහසුකම් දිය යුතු වුවත් ඒ සම්බනධ නිශ්චිත නීත්‍යානකුල ක‍්‍රියාමාර්ගයන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති වීම මෙම ගැටලූව මෙසේ වෛද්‍ය පීඨය අකර්මන්‍ය තත්වයට වර්ධනය වීමට බලපා ඇත.

රජ රට වෛද්‍ය පීඨ ශිෂ්‍යන්ගේ අනාගතය සුරක්ෂිති කරමින් ඉතා ඉක්මනින් මෙම ගැටලූව විසඳීමට ක‍්‍රියා කරන මෙන් ඉල්ලා සටිමු.

ස්තූතියි.

මෙයට,
වෛද්‍ය ජයනත් බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීනේග් සංගමය

සම්බන්ධීකරණය –
වෛද්‍ය ජයන්ත – 0714183047
වෛද්‍ය අසංග 0776363722
Coordination –
Dr. Jayantha – +94714183047
Dr. Asanga +94776363722

The post රජ රට වෛද්‍ය පීඨයේ මතුවී ඇති අර්බුදය ගැන උසස් අධ්‍යාපන ඇමතිවරයාට ලිපියක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();