Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ  රැකියා සදහා වසර පහකට වීසා බලපත්‍ර.

PIBA (1)

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක වීසා බලපත්‍ර කාලයක් ලබාදීමට ඊශ්‍රායල බලධාරීන් එකගත්වය පළ කර ඇත.

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ උපදෙස් මත ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරත නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර ඇතුළු දූත කණ්ඩායම ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධානීන් සහ ෆීබා ආයතනයේ ප්‍රධානීන් සමග නිල සාකච්ඡා පැවැත්වූ අතර එහිදී මෙම එකගතාවයන් ඇතිකරගෙන තිබේ.

ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ ආයතනයේ මැදිහත්වීම මත අත්සන් කරන ගිවිසුමකින් පසුව  කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා වසර පහක වීසා බලපත්‍ර  ලබාදීමට කටයුතු කරන බවද ඊශ්‍රායල බලධාරීන් නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ  තාවකාලික රැකියා  සදහා පිටත් කර යැවූ ශ්‍රී ලාංකිකයින් පන්සිය දෙනාගේ කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් නියමිත වීසා කාලය ඉක්මවීමෙන් පසුව නැවත ලංකාවට පිටත්ව ගොස් නැති බව ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දෙන ලදී. එම නිසා එම ප්‍රමාණය නව රැකියා කෝටාවෙන් අඩුවන බවද ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දුන්නේය. නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව පෙරලා ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින් සදහා නැවත කෘෂි ක්ෂේත්‍රයේම රැකියා අවස්ථා ලබාදෙන බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළේය.

මේ අතර සාත්තු සේවක වෘත්තිය සදහා ශ්‍රී ලාංකිකයින් පන්සියකට අවස්ථාව ලබාදීම  සදහා වන ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමටත් ගිවිසුමේ කොන්දේසි පිළිබදවත් දෙරටේ එගත්වය මෙහිදී ඇතිවිය. මේ වන විට පුද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතන මගින් බදවාගෙන ඇති, සම්මුඛ පරීක්ෂණවලින් සමත්වූ සාත්තු සේවා රැකියා අපේක්ෂකයින් සදහා වීසා ලබාදීම ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර එම වීසා කඩිනම් ලබාදීමට කටයුතු කිරීමට අවශ පියවර ගැනීම ගැන අවධානය යොමු කළේය. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණ අතර කඩිනමින් වීසා ලබාදීම පිළිබද තානාපති කාර්යාලය දැනුවත් කරන බවට සහතික විය.

මෙම සාකච්ඡා සදහා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති පෙරියසාමි පිල්ලේ සෙල්වරාජ්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය, තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ උපදේශක විජේරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

The post ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ  රැකියා සදහා වසර පහකට වීසා බලපත්‍ර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();