Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජොන්ස්ටන් බේරුණේ ආණ්ඩුවේ සහයෙන්.

lnc 4
සතොස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව ගොණු කර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි. මේ සම්බන්ධයෙන් නීතිඥයින් අතර කතාබහක් ඇතිව තිබේ. මේ කතාබහ ඇතිවූ අවස්ථාවේ නීතිඥ සුනිල් වටගල මන්ත‍්‍රීවරයාද එම ස්ථානයේ සිට ඇත.

“ජොන්ස්ටන් නිදහස් වුනා තමයි නමුත් හොරකම් කළේ නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්ද? නිකන්ම නිකන් මිනිහෙකුට විරුද්ධව නඩු දාන්නේ නැහැනේ. නඩුව දාන විදියේ දුර්වල කමක් නිසා නිදහස් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මිනී මරපු අයත් නිදහස් වෙනවා සාක්ෂි පරස්පර වුනාම. එහෙම වුනා කියලා මිනීමැරුම සිදුවෙලා නැහැ කියලා කාටහරි කියන්න පුළුවන්ද?” නීතිඥයින් විවිධ කතා කියමින් සිදුවීම ගැන විග‍්‍රහ කිරීමට ඉදිරිපත්වී ඇත.

“මෙතන බරපතල ප‍්‍රශ්නයක් තියෙනවා පැමිණිල්ල පැත්තෙන්. විත්තියේ සාක්ෂි විමසන්නේ නැතුවම චූදිතයා නිදහස් කරනවා කියන්නේ පැමිණිල්ලේ සාක්ෂි ප‍්‍රබල නැති නිසා. ආණ්ඩුවේ නීතිපතිවරයා පෙනී ඉන්න නඩුවක් මේක. ආණ්ඩුව පැත්තෙන් හරියට පැමිණිල්ල ගොනු කරන්නේ නැහැ කියන්නේ එතන මොකක් හරි ඞීල් එකක් තියෙනවා කියන එක. එහෙම නැතුව නිකන් මේ නඩුවලින් හොරු නිදහස් වෙන්නේ කොහොමද? දැන් ජොන්ස්ටන් විතරක් නෙවෙයි අනෙක් අයත් කියනවා එයාලට එරෙහිව තියෙන්නේ බොරු නඩු කියලා. ඒ කියන්නේ මේ රටේ හොරකම් වෙලා නැහැ කියලද?” සුනිල් වටගල පවසා ඇත.

“කොහොම වුනත් දැන් උසාවි වලින් දෙන නඩු තීන්දු ගැන ජනතාව හොඳ අවබෝදයකින් ඉන්නේ. ජනතාව දන්නවා දැන් නඩුවලට මොකද වෙන්නේ කියලා” තවත් නීතිඥයෙක් කතාවට එක්වෙමින් කීවේය.

The post ජොන්ස්ටන් බේරුණේ ආණ්ඩුවේ සහයෙන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();