Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විමල්ගෙන් හෙළිදරව්වක්.

Wimal_Weerawansha

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියන ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තු සේවයට සම්බන්ධ පුද්ගලයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා සිටී. ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ,

මෙම ඝාතන කුමන්ත‍්‍රණය පොලිස් ඔත්තුකරුවකු වූ නාමල් කුමාර  නැමැත්තා විසින් හඬපට සාක්ෂි සහිතව අනාවරණයකර තිබෙනවා. හඬපට සැසඳී ඇති නමුත් අද මේ ආණ්ඩුව පොලිස්පතිවරයා හෝ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන්නේ නැහැ.

මෙම ඝාතන කුමන්ත‍්‍රණයත් සමග ඉන්දීය ජාතිකයකු පිළිබඳව ද කරුණු අනාවරණය වෙනවා. මේ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට පත් වුණාම අප දන්නා අන්දමට ආරක්ෂක අංශවලට පාපොච්චාරණය කර තිබෙනවා, ‘ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් වත්මන් ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම්ට සැලසුම් කළා’ කියා.

ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මා සොයා ගෙන අපේ නිවසට දෙවතාවක් පැමිණියා. මොහු ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දී තිබෙන නම නොවෙයි, රෝ සංවිධානයේ භාවිතා කරන්නේ.ඒ අනුව ඔහුගේ නම රාජේන්ද්‍ර කුමාර්. රෝ සංවිධානයේ පුහුණුව ලැබූ ඔත්තුකරුවන්ට ලබා දෙනවා විශේෂ හැඳුනුම්පතක්.

රෝ සංවිධානය මේ රාජේන්ද්‍ර කුමාර්ට ලබා දුන් හැඳුනුම්පත් අංකය තමයි, ‘ආර්. බී. 317217/ වී. ජේ.’ යන්න. 2015 ජනාධිපතිවරණයට පෙරයි මේ රාජේන්ද්‍ර කුමාර් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. දේශපාලන රැකවරණය ඉල්ලමින් ආ ඔහු, එදා සිට මේ දක්වා රෝ ඔත්තු සේවය වෙනුවෙන් වැඩ කරලා තිබෙනවා. ඔහු මෙතෙක් මේ රටේ ජීවත් වී ඇත්තේ රැකියාවක් කරලා නෙවෙයි. ඔහු ජීවත් වී ඇත්තේ රෝ සංවිධානයෙන් ලැබුණු මුදල්වලින් යැයි පැවසීය.

The post විමල්ගෙන් හෙළිදරව්වක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();