Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාධාරණ සමාජයෙන් ආණ්ඩුවට චෝදනා.

National

සාමාන්‍ය ජනතාවගේ ජීවන බර දිනෙන් දින වැඩි වීම පිළිබඳව ආණ්ඩුව නිසි සැලැස්මක් මත කටයුතු නොකරන බවට යහපාලන රජය පිහිටුවීමට උර දුන් සිවිල් සංවිධානයක් චෝදනා කර සිටී. ආණ්ඩුව ආර්ථික ප්‍රශ්නය දෙස කිසියම් සරල කෝණයකින් බලන බවක් පෙනෙන්නට ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසා සිටී.

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් 225 දෙනකු සිටියද 228 දෙනකු තීරු බදු රහිත වාහන ආනයනය කර තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය  සදහන් කර සිටියේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එවැනි දෙයක් සිදුකර වාහන ගෙන්වීම නතර කරන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටීම සදාචාර නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

“මැති ඇමතිවරුන් ගෙන්නන්නේ ඉහළම සුඛෝපබෝගි වාහන, සාමාන්‍ය මනුස්සයෙක් කුඩා මෝටර් රඨයක් තමයි පරිහරණයට ගන්නේ”.

රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වන බව ආණ්ඩුව නොදැන සිටියේදැයි මහාචාර්ය සරත් විජේසූරිය එහිදී ප්‍රශ්න කළේය.

“මුදල් ඇමැතිවරයා දැනගෙන සිටියේ නැද්ද? විශාල ණය බරක් ගෙවන්න තියන බව දැනගෙන හිටියේ නැද්ද?රුපියල අවප්‍රමාණය වීමේ පසුබිමක් තිබෙන බව තේරුම් ගත්තේ නැද්ද?

එම තත්වයන් කල් තියාම දැනගෙන මැති ඇමැතිවරුන් තීරු බදු රහිත වාහන බල පත්‍රවලට වේලාසනින්ම වාහන ගෙන්වාගෙන ඇති තත්ත්වයක් පෙනෙන්නට ඇති බවයි මහාචාර්යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ. එය එතරම් ශිෂ්ට සම්පන්න නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ආනයනය කිරීම පාලනය කිරීම සදහා රජය විසින් භාණ්ඩ ලයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ්වායින් සමහර දේවල් සාමාන්‍ය මධ්‍යම පන්තියේ දෙදනික රැකියාවලට අවශ්‍ය දේවල් බවත් මහාචාර්ය සරත් විජේසූරිය පෙන්වා දෙයි.

නොමිලයේ වයි ෆයි ලබා දෙන බවට පොරොන්දු වු අගමැතිවරයා තාක්ෂණික මෙවලම් පාලනය කිරීම තුළින් ඔහුගේ ප්‍රතිපත්ති අතර විශාල ප්‍රතිවිරෝධයක් ඇති වන බව අවධාරණය කළ ඔහු එහිදී යෝජනා කළේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පාලනය කිරීම ඉතා වැදගත් බවයි.

The post සාධාරණ සමාජයෙන් ආණ්ඩුවට චෝදනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();