විදේශ ශිෂ්‍යත්ව සඳහා ලබා ගත් ණය මුදල් මෙතෙක් ගෙවා නොමැති සියලු විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුනට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සඳහන් වේ.
එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි සඳහන් කර ඇත්තේ, විදේශීය ශිෂ්‍යත්ව සඳහා ලබා ගත් ණයවලින් රුපියල් කෝටි 81 ක් ගෙවීම් පැහැර හැර ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 485 දෙනෙකුගේ නාම ලේඛනයක් ඊයේ ප්‍රකාශයට පත් කළ බවයි.
මේ පිළිබඳව දැනට ඔවුන් විදෙස්ගතව සේවය කරන ආයතනවලට දැනුම් දීමටත් අදාළ ඇප කරුවන්ට දැනුම් දීමටත් පියවර ගන්නා බව ලේකම්වරයා පවසා ඇති අතර ඉන් ප්‍රතිඵලයක් නොලද හොත් අදාළ ඇපකරුවන්ට එරෙහිව නඩු පවරා හෝ එම මුදල් අය කරගන්නා බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post සරසවි ආචාර්යවරුන් 485කට නඩු වැටෙන ලකුණු. appeared first on Lanka News Column.


0 Comments