මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණි රොබෝ යන්ත්‍රයක් පාර්ලිමේන්තුව අමතමින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) පිළිබඳ සිදුකළ දේශනයක් පිළිබඳ විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. පෙපර් ලෙස නම්කර ඇති එම රොබෝ යන්ත්‍රය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඇමතූ පළමු රොබෝවරයා ලෙසද ඉතිහාසගත වන බව පැවසේ.
මෙම සුවිශේෂී රොබෝ යන්ත්‍රය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය දේශනය මගින් අවධානය යොමුකර ඇත්තේ, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධියෙහි අනාගතය බව දැක්වේ. දැනට එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලය සතු මෙම රොබෝ යන්ත්‍රය එහි ශිෂ්‍යයින් සමග කටයුතු කරමින් දේශනවලට ද සහභාගි වන බවත් සඳහන් වේ.
රොබෝ යන්ත්‍රය රෝද ආධාරයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවට ඇතුළු වනවිට මන්ත්‍රීවරු සිනහ පළ කළ බවත්, රොබෝ වෙතින් ඇසූ ප්‍රශ්නත් ඊට දුන් පිළිතුරුත් කලින් සූදානම් කර තිබූ ඒවා බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
The post පාර්ලිමේන්තුවට රෝබෝවක් එයි. appeared first on Lanka News Column.


0 Comments