Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාතිමා ඩිප්නාට ඉලක්කයට වෙඩි තැබීමේ ශූරතාවක්

ශ්‍රී ලංකා පාසල් වෙඩි තැබීමේ සංගමය මගින් පැවැත්වූ මීටර් 15 වායු රයිපල් වෙඩි තැබීමේ ඉසව්වෙන් ශූරතාව අත්කර ගැනීමට තලවතුගොඩ අයිගේට් ජාත්‍යන්තර පාසලේ පාතිමා ඩිප්නා අසුන් සමත් වුවාය. කොළඹ නාලන්දා විදුහලේ පැවැති මේ තරගාවලියට පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ අවස්ථාවට අයිගේට් ජාත්‍යන්තර පාසලේ නි.විදුහල්පතිනී ඊස්වරි සෝමරත්න, එහි අධ්‍යක්ෂිකා ප්‍රාථමික අංශයේ වැඩබලන විදුහල්පතිනී දමයන්ති සමරසේකර, පාතිමා තරගයට යොදාගත් වායු රයිපල නිෂ්පාදනය කළ කඩවත ඉහළ බියන්විල ඩබ්.තෝමස් සහ පුත්‍රයෝ සමාගමේ සභාපති රොයිස්ටන් ඇන්තනී සහ පුහුණුකරු ජේ.දිසානායක මහත්ම මහත්මින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මහර සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();