ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධාන කරන රොතන්හැම් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියමේ ඉරිදා (21) කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් පථයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය සියැට් කැලණි ටයර් සමාගම සමග එක්ව සංවිධාන කරන “සියැට් - ස්ලඩා” ශූරතා තරගමාලාවේ පස්වන තරගාවලිය රොතන්හැම් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය වන අතර මෙවර තරගාවලියට ඉසව් 16ක් ඇතුළත්ව ඇත. එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා මෝටර් රථ තරග ඉසව්ව වෙනුවට ‘ග්‍රෝන් ප්‍රී’ තරග ඉසව්වක් ලෙස වට 22ක තරග ඉසව්වක් සංවිධායකයන් විසින් තරගාවලියට එක් කර ඇත.
මෝටර් රථ තරග ඉසව් 11කින් හා යතුරුපැදි තරග ඉසව් 5කින් සමන්විත මෙවර තරගාවලිය ‘සියැට් - ස්ලඩා’ තරගමාලාවේ ටාමැට් තරගාවලිය ලෙස පැවැත්වෙයි.
අශාන් සිල්වා ශූරතා මෝටර් රථ තරග ඉසව්වෙන් පෙරමුණේ පසුවන අතර ග්‍රැවල් යතුරුපැදි කාණ්ඩයෙන් ඉෂාන් දසනායක පෙරමුණගෙන සිටී.
මෙවර තරගාවලියට සියැට් කැලණි ටයර් සමාගම ප්‍රධාන අනුග්‍රහකත්වය සපයන අතර එල්.ඕ.එල්.සී. මූල්‍ය සමාගම, එක්සයිඩ් බැටරි ගෙන්වා බෙදාහරින බ්‍රවුන්ස් සහ සමාගම සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

0 Comments