Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ලබන ඉරිදා යාපනයෙන් ඇරැඹේ

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඩයලොග් ආසියාටා සමග එක්ව 13 වැනි වරට සංවිධාන කරන මෙරට ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ඩයලොග් චැම්පියන්ස් ලීග් ලබන ඉරිදා යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.

එදින පසුගිය වසරේ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ වෙන්නප්පුව නිව් යංගස් පිල සහ සිවුවැනි ස්ථානයට පත් බේරුවල සුපර්සන් අතර තරගය විදුලි ආලෝක ධාරා මැද පස්වරු 6.00ට ආරම්භ වේ.

ප්‍රබලතම කණ්ඩායම් 17ක් සහභාගීවන මේ තරගාවලියේදී තරග 153ක් පැවැත්වෙන අතර මේ වසරේ සිට රත්නම් හා රෙඩ් ස්ටාර් අලුතින් ඇතුළත්ව සිටී. පසුගිය වසරේ අවසන් ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පොලිසිය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියෙන් ඉවතට විසිවී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු නිවහනේදී ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය පිළිබඳ ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා පාන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසුවේ ඩයලොග් ආසියාටා 13වැනි වරටත් අනුග්‍රහය දැක්වීම මෙරට පාපන්දු ක්‍රීඩාවේ උන්නතියට විශාල පිටුවහලක් බවයි.

‘ශ්‍රී ලංකාව නැගී එන පාපන්දු කණ්ඩායමක් ලෙස ආසියානු පාපන්දු සම්මේලනය සහ ලෝක පාපන්දු සම්මේලනය පිළිගෙන තිබෙනවා. ඒ නිසා ආසියානු හා ලෝක සම්මේලන ශ්‍රී ලංකාව සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරන කාලයක්. අප උත්සහ කරන්නේ යොවුන් ක්‍රීඩකයන්ට ඉදිරියට ඒමට වැඩි අවස්ථාව උදා කිරීමයි. මෙවර තරගාවලියට අපේ ක්‍රීඩකයන් සමග තරග කිරීමට විදෙස් ක්‍රීඩකයන් තිදෙනකුටත් අවස්ථාව ලබාදී තිබෙනවා.’ අනුර ද සිල්වා මහතා පැවැසීය.

ඩයලොග් ආසියාටා (බ්‍රොඩ්බෑන්) සාමාන්‍යාධිකාරී දිමුතු කුරේ මහතා ලබන වසරේ සිට ඩයලොග් චැම්පියන් ලීග් තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනමන තෑගිමුදල් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

පසුගිය වසරේ ඩයලොග් චැම්පියන් ලීග් ශූරතාව කොළඹ පාපන්දු සමාජය දිනාගත් අතර එම ක්‍රීඩා සමාජය මේ වනවිට තෙවරක් ශූරයන් වී අපරාජිතව සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();