Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් තරු බිහි කරන සාන්ත අන්තෝනි විදුහල

කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල මහනුවර විදුහල් අතර ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් ක්‍රීඩකයන් දායාද කළ විදුහලකි. ලෝකයේ වැඩිම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් සමගින් රුවන් කල්පගේ, පියල් විජේතුංග, මාලන් වොන් හාර්ට්, බර්නාට් පෙරේරා වැනි ටෙස්ට් ක්‍රීඩකයන් එම විදුහලෙන් බිහිව තිබේ.

ඊට අමතරව අතීතයේ දී ජැක් ඇන්ඩර්සන්, චාලි ජෝසප්, ඒ. සි. එම්. ලෆීර් යන දක්ෂ ක්‍රීඩකයන්ද බිහිවූයේ එම විදුහලෙනි. තවද ලේක්හවුස් ආයතනය මගින් ශ්‍රී ලංකා පාසල්වල සිටින දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් තෝරන ලද ප්‍රථම තරගයේදී එම ගෞරවයට පාත්‍ර වුයේද මහවත්ත ප්‍රේමරත්න යන සාන්ත අන්තෝනි විදුහලෙන් බිහිවු විශිෂ්ට ක්‍රීඩකයාය.

මෙවර එම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකිමින් කණ්ඩායම මෙහෙයවන්නේ හයවන වර්ෂයේ ක්‍රීඩක තීක්ෂ ගුණසිංහයි. ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ බෑණනුවන්ය. එහි උපනායකත්වය දරන්නේ හතරවන වර්ෂයේ ක්‍රීඩක තමාෂන අබේකෝන් ය. මොහොමඩ් කමීල්, නිපුන් අශෝක්, හා ගිහාන් අචින්ත තුන්වන වසරේ ක්‍රීඩකයන්ය. පමුදිත් පණ්ඩිතරන්න. සසිත් ඉරුදික මොහොමඞ් රුක්ෂාන්, ගයාන් සමරසිංහ ගිහාන් ඊබට්, නිම්නක ජයතිලක දෙවන වසරේ ක්‍රීඩකයෝ වෙති.

දෙවන වසරේ ක්‍රීඩක කල්හාර සේනාරත්න වයස 19 න් පහළ ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. අසිත වන්නිනායක, සචින් ප්‍රභාත් දයාන් පන්කජ, සවීන් වීරසිංහ කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ වෙති. කණ්ඩායමේ පුහුණුකරු වන්නේ සුනේත් ගයාන් මහතායි. එම කණ්ඩායම සිංගර් කුසලාන තරග 15 කට ඉදිරිපත් වීමට නියමිත අතර එම කණ්ඩායම් අතර සාන්ත සේවිසස්, සාන්ත අන්තෝනි වත්තල, කොළඹ සාන්ත පීතර, කොළඹ තර්ස්ටන් සහ සාන්ත ආනා යන විදුහල් වේ.

උපනන්ද ජයසුන්දර
මහනුවර ක්‍රීඩා විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();