Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තුන්වැනි වරටත් පළඟ ශූරතාව දිනති

Author(s): 
ෆවුස් මොහොමඩ්

ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි අදියර ලෙස ඊයේ කොළඹ තුරඟ තරග පිටියේදී නිමාවට පත්වූ කොළඹ තරගාවලියේ කාන්තා පළඟ ශූරතා අවසන් මහා තරගයෙන් තායිලන්තය ලකුණු 7-5කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර තරගමාලාවේ තුන්වැනි වරටත් පළඟ ශූරියෝ බවට පත්වූහ. ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමක් සමස්ත තරගාමාලාවේ පිට පිට තුන් වතාවක් පළඟ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය විය. මේ සමගම ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරග බිමේ පස්වැනි ස්ථානය තහවුරු කරගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

මෙවර තරගාවලියේදී ‘සී‘ කාණ්ඩයෙන් තරග බිමට එක්වූ ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල පළඟ ශූරතා අවසන් තරගයට එක්වූයේ සිංගප්පූරුව ලකුණු 40-0කින් පරාජය කරමිනි. තායිලන්තය සමග කරට කර සටනක නිරතවූ ශ්‍රී ලංකා පිල වාර්තා කළ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ නායිකා සංජීවනී විජේතිලක විසිනි. ඇය තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට අයේෂා කළුආරච්චි සමත්වූවාය.

ඡායාරූප සමන් ශ්‍රී වෙදගේ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();