Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුසල් ජනිත් ඉවතට

මේ අතර පාදයේ ආබාධයකට ලක්වී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරාත්මක පිතිකරු නෙකුසල් ජනිත් පෙරේරා අද තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා පිලේ කළමනාකරු චරිත් සේනානායක මහතා පැවැසීය.

දඹුල්ල ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය යටතේ ලකුණු 31කින් පරාජයට පත්වූ දෙවැනි එක්දින තරගයේදි පන්දු 37කින් ලකුණු 30ක් වාර්තා කළ කුසල් ජනිත් ඊයේ ස්කෑන් පරීක්ෂණයකට මුහුණ දුන්නේය. කුසල් ජනිත් වෙනුවට සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්වනු ඇතැයි වාර්තා වෙයි.

එංගලන්ත කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ලියම් ඩෝසන් ද පාදයේ ආබාධයකට ලක්වීම නිසා තරගාවලිය අහිමිවී තිබේ. ඔහු වෙනුවට දඟ පන්දු යවන ජෝ ඩෙන්ලි කණ්ඩායමට එක්වී සිටී.

කෙසේ වෙතත් දඹුල්ලේ පැවැති දෙවැනි තරගයේදී මුල් පෙළ කඩුලු 3ක් දවාලමින් ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් එල්ල කළ ක්‍රිස් වෝක්ස්ගෙන් අද තරගයේදීද ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();