සහස්‍ර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමට තම දැනුම සහ අත්දැකීම් ජාතිය වෙනුවෙන් කැපකරන්නැයි ජනාධිපතිවරයා සමස්ත ඉංජිනේරුවන්ගෙන් ඉල්ලා සිටී. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද (17) කොළඹ දී පැවති ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.
“තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සැලසුම් සහ අභියෝග” මැයෙන් ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, දකුණු සහ මධ්‍යම ආසියානු ඉංජිනේරු ෆෙඩරේෂණය සමග එක්ව මෙම වාර්ෂික සම්මේලනය සංවිධානය කර තිබිණි.
ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල නියෝජිතයන් ද මෙම සමුළුවට එක්ව සිටින අතර දකුණු සහ මධ්‍යම ආසියා කලාපයේ අසල්වැසි රටවල් අතර ඵලදායී කි‍්‍රයාකාරි යාන්ත‍්‍රණයක් සැකසීම සඳහා වෘත්තිය සහයෝගිතාව වැඩි දියුණු කිරීම, ගැටලු සාකච්ඡා කිරීම සහ ඉංජිනේරු අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත‍්‍රයේ නියැළී සිටින රාජ්‍ය නොවන සංවිධාන සඳහා අවස්ථා සැපයීම මෙම සම්මේලනය මඟින් අපේක්ෂා කරයි.
මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අපේ රටේ සහස්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී කාලගුණික දේශගුණික විපර්යාස, දුගී භාවය, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ දී මතුව ඇති අභියෝග සහ දූෂණය, වංචාව සහ හොරකම බරපතළ අභියෝග බවට පත්ව ඇති බවයි.
රට හමුවේ ඇති මෙම අභියෝග ජය ගනිමින් ජාතියක් ලෙස නැගී සිටිමට වාද බේද අමතක කර සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ද මෙහිදී පැවසු ජනාධිපතිවරයා එය හෙට උපදින මතු පරපුර වෙනුවෙන් ඉටුකරන යුතුකමක් බව ද කියා සිටියේ ය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රත්නපුර, කළුතර ප‍්‍රදේශවල ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගංවතුර තර්ජනය වළක්වාලමින්, නිකරුනේ ගලා යන ඒ මහා ජලකඳ නළ මගින් උතුරට ගෙනයෑම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කිරීමට වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවයි.
The post ජනාධිපතිවරයා සමස්ත ඉංජිනේරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. appeared first on Lanka News Column.


0 Comments