Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවන් පීඩාවට පත්කරන පහේ ශිෂ්‍යත්ව ක්‍රමයේ වෙනසක්..

 Akila_Viraj_17

සියලු දරුවන්ගේ ළමා කාලය ආරක්ෂා වන අයුරින්, දරුවන්ට තම දක්ෂතා ඉහළ නංවාගැනීමට පහසුකම් සපිරි පාසල් ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩියෙන් සැලසෙන අයුරින් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සංශෝධනය කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා තලාතුඔය හේවාහැට  මධ්‍ය විද්‍යාලයේ පැවති 134 වැනි කන්නන්ගර සැමරුම් උත්සවයට එක්වෙමිනි.

දුෂ්කර ප්‍රදේශවල පිහිටි පහසුකම් අඩු පාසල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ සහ පහසුකම් සපිරි පාසලක අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා ලබාදීමේ මූලික අරමුණින් ක්‍රියාවට නංවන ලද පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මේ වනවිට දරුවන්ට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක් මව්පියන් විසින් ඇතිකරවන විභාගයක් බවට පත්වී ඇති බවත්, එම තත්වය වහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා ඉදිරියේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගෙන් සහාය ලබාගනිමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මීට අදාළ ව කටයුතු කිරීම  සඳහා  කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

The post දරුවන් පීඩාවට පත්කරන පහේ ශිෂ්‍යත්ව ක්‍රමයේ වෙනසක්.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();