Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කරන්න.

5000 many

රටේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව    සාධාරණ සමාජයක්  සදහා  වන  ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය  කියා  සිටියි.

ඔහු  මෙසේ පැවසූයේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ආනයන සීමා කරනවාට වඩා දේශපාලඥයින් තමන්ගේ ප‍්‍රතිරූපය ඉස්මතු කරගැනීම සඳහා විශාල ධනස්කන්ධයක් වැය කරමින් පවත්වනු ලබන  උත්සව නැවැත්වීම සුදුසු බවද  ඔහු එහිදි  සදහන් කර   සිටියේ ය .

ඇන්.ම්.පෙරේරා  මුදල් ඇමැතිකම දරපු කාලයේ ඇතිවු දැවැන්ත ආර්ථික අර්බුදයක් හමුවේ රුපියල් පනහේ සීයේ නෝට්ටු අවලංගු කිරීමට තිරණය කළ බවද එයින් මලූවල හෝ පෙට්ටිවල අසුරා සඟවා ගෙන සිටින කලූ සල්ලා එලියට ඇද ගැනීමට හැකිවූ බවද අදත් රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කිරිමෙන් එදාට වඩා අද වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

විවිධ ආකාරයට සාවද්‍ය ලෙස උපයා ගත් මුදල් ගෝනිවල අසුරා තමන් සතුව තබාගන්නා ස්ථාන ගණනාවක් අනාවරණය වි ඇති බවත් ඇතැම් විහාරස්ථාන මෙන්ම ඇතැම් දේශපාලඥයින් සතුවත් මෙවැනි පන්දාහේ නෝට්ටු බන්ඩල් කර පෙට්ටිවල අසුරා තබාගෙන සිටින අතර ඇතැමුන් සතුව කන්ටේනරයක් පිරවිය හැකි තරම් එවැනි මුදල් බන්ඩල ඇති බවට තොරතුරු තොරතුරු අනාවරණය වී ඇති බවද  වැඩිදුරටත් පැවසීය.

The post රුපියල් පන්දාහේ නෝට්ටු අවලංගු කරන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();