Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර ඇමැති ප්‍රතික්ෂේප කරයි

ක්‍රිකට් තරග මුදලට පාවා දුන් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් කර විවිධ වෙබ් අඩවි හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කරයි.

විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු පැමිණිලි හා තොරතුරු අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳ මේ වන විට පරීක්ෂණයක් පවත්වන නමුත් මේ වනතෙක් නම් වශයෙන් කිසිදු ක්‍රීඩකයෙක් මුදලට තරග පාවාදුන් බවට නිළ වශයෙන් නිවේදනය කර නොමැති බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා විවිධ පුද්ගලයන් විසින් මෙලෙස වගකීම් විරහිතව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගේ නම් යොදාගෙන සිදුකරන මේ ක්‍රියාව වැරදි බවත්, එමගින් වරදක් කර නොමැති ක්‍රීඩකයන්ගේ කීර්තිනාමය හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවන හානිය ඉතා විශාල බවත් පෙන්වා දෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();