ඉතියෝපියාවේ අමාත්‍ය ධුරවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් අතට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අඩුවෙන් වංචා සහ දූෂණවල නිරත වන බැවින් අමාත්‍යය ධුරවලින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන් අතට පත් කළ බව ඉතියෝපියා අග්‍රාමාත්‍යය අබියි අහ්මද් පවසා ඇත. සාමය සහ ස්ථාවර බව ඇති කිරීමෙහිලා කාන්තාවන්ගෙන් ලැබෙන සහය අතිමහත් බවත් අග්‍රාමාත්‍යයවරයා පවසා තිබේ. ආරක්ෂක අමාත්‍ය ධුරය පවා කාන්තාවක් අතට පත් කරන්නට අග්‍රාමාත්‍යවරයා මේ නිසා පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
The post අමාත්‍ය ධූරවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන්ට. appeared first on Lanka News Column.


0 Comments