Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දුනීසියානු යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම්

ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුණු ලයන් එයාර් ගුවන්යානයේ කලු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
 
එසේම ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියේය. ඔවුන් සියලුදෙනා මියගොස් ඇති බව ඉන්දුනිසියා රජය සඳහන් කර ඇත‍
 
මේ වන විට සිරුරු 10 කට ආසන්න සංඛ්‍යාවක් සොයගෙන ඇති අතර සිරුරු කොටස් කිහිපයක් ද හමුවී තිබේ. යානයේ හා මගීන්ට අයත් බඩු බාහිර ආදියෙහි සුන්බුන් ද සොයා ගැනීමට හැකි විය.
 
ඉන්දුනීසියා ගුවන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරුවලින් එකක් ලෙස ද මෙය සැලකේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();