පාපන්දු ක්‍රීඩකයන්ගේ සදාතනික සිහිනයක් බඳු වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු විජිතයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට සහභාගීවීමේ මහඟු වරම මයිලෝ වෙතින් අපේ රටේ පාසැල් පාපන්දු ක්‍රීඩාවේ නිරත දක්‍ෂ ක්‍රීඩකයන් 6 දෙනෙකුට හිමිවිය.
ජීවිත කාලයක් පුරා පවතින අත්දැකීමක් ලාංකික පාපන්දු ක්‍රීඩකයන්ට ලබා දීම අරමුණු කරගනිමින් මයිලෝ සමාගම විසින් දියත් කළ “රෝඩ් ටු බාසිලෝනා” වැඩසටහන හරහා තෝරා ගත් ක්‍රීඩකයන් 6 දෙනෙකු අන්තර්ජාතික මට්ටමේ පුහුණු කඳවුරක් වන FC බාසිලෝනා මෙහෙයවනු ලබන සිව්දින පුහුණු කඳවුර බලා පසුගියදා පිටත්ව ගියේය.
පාපන්දු ශූරයන් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මයිලෝ විසින් සංවිධාන කළ සමස්ත ලංකා 12න් පහළ පාසැල් පාපන්දු ශූරතාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයන් 6 දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ලෝකයේ ඇති ප්‍රධාන පෙළේ වෘත්තීමය පාපන්දු ක්‍රීඩා සමාජයක් වන FC බාසිලෝනා විසින් මෙහෙයවනු ලබන සිව්දින පුහුණු කඳවුරට සහභාගිවීමේ අවස්ථාව ලබා දුන් අතර ඒ සඳහා සියලු වියදම් මයිලෝ වෙතින් නොමිලේ පිරිනමන ලදී.
අධ්‍යාපන අමාත්‍යංශයේ සහ පාසැල් පාපන්දු සංගමයේ හවුල්කාරීත්වය යටතේ සංවිධාන කළ “රෝඩ් ටු බාසිලෝනා” වැඩසටහන අපේ රටේ පාපන්දු ක්‍රීඩකයන්ට අන්තර්ජාතික මට්ටමේ පාපන්දු අත්දැකීමක් ලබාදෙමින් ඔවුන් අනාගත ශූරයන් බවට පත්කිරීමේලා ගත් මූලික පියවරක් සේ සැලකිය හැකිය. මෙම වැඩසටහනේ වාසනාවන්ත ජයග්‍රාහකයන් බවට පත් වූ ක්‍රීඩකයන් වූයේ, කොළඹ හමීඞ් අල් හුසේනියා විද්‍යාලයේ එම්.අයි.එම්. සයිඞ්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ එම්.ඒ.ඒ. ශාන්, කින්නියා අල් අක්සා විද්‍යාලයේ කේ.එම්. කල්හීම්, පුලාවර්මනි ෂෙරිෆුඩීන් විද්‍යාලයේ ඒ. සිමර්, පොළොන්නරුව බැඳිවැව මහ විද්‍යාලයේ දුලානි සන්දීපනී සහ කවිසිගමුව මහ විද්‍යාලයේ විදුෂා විනෝද්‍යා යන දරු දැරියන්ය. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ(SLSFA)සභාපති, නෙස්ලේ ලංකා සමාගමේ සේවකයකු සහ එක් ගුරු මහතකු මෙම සංචාරය සඳහා ඔවුන් සමඟ සහභාගි වෙති.

0 Comments