දැනට ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට මද්‍යසාර පිළිබඳ 2004 ගෝලීය තත්ත්ව වාර්ථාව අනාවරණය කර ඇති බව සඳහන් වේ.
මද්‍යසාර භාවිතය ලොව පුරා මිනිසුන්ගේ සතුට, සෞඛ්‍ය සහ සංවර්ධනය අඩාල කරවන මිනිසුන් රෝගී කරවන, පුද්ගලයින්ගේ ජීවිත හා පවුල් මෙන්ම සමාජයද බිඳ වැටීමකට ලක් කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති බවත් මද්‍යසාර භාවිතය මිනිසුන්ට වැළදෙන ලෙඩරෝග රැසකට දායක වන ප්‍රධාන සාධකයක් බවත් මේ වනවිට සමාජ හා විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම මධ්‍යසාර භාවිතය ලෙඩරෝග 60කට ප්‍රධානතම හේතු සාධකයක් වන බවත් තවත් රෝග 200ක් සෑදීමට දායක වන බව ඉන් තහවුරු කර ගෙන ඇති බවත් සදහන් වේ.
එමෙන්ම ලංකාවේ මිනිසුන් මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක්ද බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58ක්ද වියදම් කරන බව මද්‍යසාර සමාගම්වල වාර්තාවල සඳහන් වන බවත් මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වුවන්ට සෞඛ්‍ය වියදම ලෙස රුපියල් බිලියන 145ක් වැය වන බව සෞඛ්‍ය දත්ත වාර්තා කර සිටී.
අද (03) ලෝක මද්‍යසාර නිවාරණ දිනයයි.
The post මද්‍යසාර – ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට. appeared first on Lanka News Column.


0 Comments