අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 10 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව වාර්ථා වේ. අදාළ පැමිණිල්ල අද(05) අග විනිසුරු ප්රියසාත් ඩෙප්, විජිත් මළල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබ ඇත.
එම අවස්ථාවේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර මෙහිදී නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සමන්විත සාක්ෂි ලැයිස්තුවක් සහ නඩුභාණ්ඩ අටක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එම නඩු භාණ්ඩ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි හතරක් සහ එම ප්‍රකාශය පළ කෙරුණු ප්රවෘත්ති වාර්තා හතරක් ද ඇතුළත් වූ බව සඳහන් වේ.
එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල දෙසැම්බර් මස 10 , 11 සහ 12 වනදා යන දිනවල විභාගයට ගැනීමට නියම කළ අතර එදින සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබූ සිරස සහ හිරු රූපවාහිනී ආයතනවල නියෝජිතයින් හය දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතා සිත නිකුත් කළ බවත් පැවසේ.
The post රංජන්ට එරෙහි නඩු විභාගයට දින තීන්දු වෙයි. appeared first on Lanka News Column.
0 Comments