ඔස්ට්‍රේලියාව හා එහි දේශ සීමා ආරක්ෂා කිරීම උදෙසා ලිබරල් පක්ෂය සතුව මනා වැඩපිළිවෙලක් හා හැකියාවක් පවතින බවත් ග්‍රීන්ස් හෝ කම්කරු පක්ෂ සතුව එවන් බල සම්පන්න බවකින් හෙබි ඉදිරිගාමී වැඩපිළිවෙලක් පවතින බව තමන් විශ්වාස නොකරන බවත් ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් කියයි.
බෝට්ටුවලින් පැමිණෙන්නන්ගෙන් ඕස්ට්‍රේලියා දේශ සීමා මෙන්ම ජනතාව රැක ගැනීමේ සමත්කම පීටර් ඩටන් සතුව පවතින බවට තමන් තුළ වන විශ්වාසය හේතුවෙන් ඔහුට නැවත වරක් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය බාර ගැනීමට ආරාධනා කළ බව ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් කියයි.
නව ආගමන අමාත්‍ය ඩේවිඩ් කොල්මාන් දේශසීමා ආරක්ෂණ කටයුතු සහ සරණාගත කාරණා සම්බන්ධයෙන් සිය උපරිම මැදිහත්වීම යොදන බවට තමන් අපේක්ෂා කරන බවද අගමැති ස්කොට් මොරිසන් පැවසීය. ඕස්ට්‍රේලියා රැඳවුම් මධ්‍යස්ථානවල සිටින රැකවරණ පතන්නන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී මෙම ප්‍රවේශය නම්‍යශීලී බවක් ගනු ඇති බවද බව ඔහු පැවසීය.
“ආණ්ඩුවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳ සියල්ලන්ම හොඳින් දන්නා අතර, එය දුර්වල වීමට කිසිවිටෙක ඉඩ නොතබනබවද, ඕනෑම මොහොතක අපගේ දේශසීමාවන්ට බාධා කිරීමට පෙළඹෙන්නන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපි නොපැකිලෙන බව ජනතාව තේරුම් ගත යුතු ය’යිද ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් අනවසරයෙන් පැමිණෙන්නන් නවතාලීමට තමන් පියවර ගත්තේ ‘ මුහුද මැද මිය යන පිරිස් හා දරුවන් දැකීමෙන් තමන්ද රෝගී වූ නිසා ය’යි අගමැතිවරයා කියා සිටියේය.
The post දේශ සීමා ආරක්ෂාවට උපරිම මැදිහත්වීමක්. appeared first on Lanka News Column.
0 Comments