අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවති සමෘද්ධි හිමිකම් ප්‍රධානය කිරීමේ උත්සවයක් මාතලේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කුමාරි විජේරත්න ඇතුළු මාතලේ එජාප පළාත් පාලන නියෝජිතයින් විසින් වර්ජනය කර ඇති බව වාර්තා වේ .
ඊට හේතු ලෙස ඔවුන් ප්‍රකාශ කර සිටියේ සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු පුද්ගලයන් සිටියදී ඡන්ද ලබාගැනීම ඉලක්ක කර ගනිමින් තෝරාගත් පවුල් සඳහා සමෘද්ධි සහනාධාරය ප්‍රධානය කර ඇති බවය. පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂය නියේජනය කරන සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු පවුල් විශාල ප්‍රමාණයක් මේ හරහා අසාධාරණයට ලක්වන බවත් පොහොට්ටු පක්ෂය නියෝජනය කරන පවුල්වලින් ඡන්දය ලබාගැනීම සහ පළාතේ දේශපාලනඥයන්ගේ සුඛ විහරණය පිණිස අසාධාරණ ලෙස සමෘධි හිමිකම ප්‍රධානය කර ඇතිබවත් ඔවුහු පවසති.
එසේම මෙම උත්සවය සඳහා ප්‍රදේශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ දේශපාලන නියෝජිතයින්ට ආරාධනා පත්‍ර නොලැබී ඇති අතර පොහොට්ටු පක්ෂයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින්ට ආරාධනා පත්‍ර ලැබී තිබේ. මෙය ඉතා විහිලු සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයෝ ප්‍රකාශ කරයි.
The post රනිල් පැමිණි උත්සවයට -එජාපය නැහැ.පොහොට්ටුව පමණයි. appeared first on Lanka News Column.
0 Comments