Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ

ඉන්දියාවේ ඉදිවන ලොව උසම පිළිරුවේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ  තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
ඉන්දීය නිදහස් අරගලයේ වීරයෙකු මෙන්ම ඉන්දීය හිටපු උප අග්‍රයමාත්‍යවරයෙකු වූ “සර්ධාර් වල්ලබායි පටෙල්” ට උපහාර ලෙස ඔහුගේ පිළිරුවක් මෙලෙස ඉදිවේ. පටෙල්, 1947 නිදහසින් පසු උප අගමැතිවරයා ලෙස කටයුතු කර තිබුණි. 
 
‘ඉන්දියානු යකඩ මිනිසා‘ ලෙසින් ද ඔහුව හඳුන්වනු ලැබේ. 
 
මෙම පිළිරුවේ උස මීටර් 182 ක් වන පිළිරුව ඉදි කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 2990 ක් මුදලක් වැය කර ඇත.
 
එය ලබන ඔක්තෝබර් මස 31 වනදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව සඳහන් වේ.
 
සේවකයින් 2500 ක පමණ පිරිසක් එහි ඉදිකිරීම් කටයුතුවල නිරත වේ. 
 
දැනට ලෙව උසම පිළිමය පිහිටා ඇත්තේ චීනයේ විහාරස්ථානයක ය. එහි උස මීටර් 128ක් වේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();