Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් ඡන්දය ජනවාරි ස්ථිරයි.

Mahinda_Deshapriya

ලබන වසරේ ජනවාරි මාසයේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම ඊයේ රැස්වී තීන්දු කළ බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ ක්‍රියාකාරීත්වය මත සීමානිර්ණ වාර්තාව සංශෝධනය විය. මාස දෙකක දී එය නිත්‍යනුකූල වනු ඇතැයි යන විශ්වාසය මත පිහිටා මෙසේ පළාත් සභා මැතිවරණ කටයුතු ආරම්භ කළ බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ඒ අනුව පළාත් සභාව මැතිවරණයට අදාළ කටයුතු ඊයේ සිටම ආරම්භ කළ බවද සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මාර්ගයෙන් රට පුරා මැතිවරණයට අදාළ තොරතුරු රැස්කිරීමටත් මැතිවරණය වෙනුවෙන් යන වියදම් ඇස්තමේන්තු කිරීමටත් තීන්දුවක් ගත් බවද මහින්ද දේශප්‍රිය පවසා තිබේ.

මීට අමතරව නව මැතිවරණ ක්‍රමයට අදාළව ඡන්ද පත්‍රිකා හා වෙනත් ලිපි ලේඛන සකස් කිරීම ආරම්භ කිරීමට ද මෙවර පළාත් සභා මැතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛනය අනුව පැවැත්වීමට කොමිසම තීන්දු කළ බවද ඔහු පවසා ඇති අතර  2018 ඡන්ද හිමි නාමලේඛනය මේ මස 31 වැනි දින සහතික කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post පළාත් ඡන්දය ජනවාරි ස්ථිරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();