වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්ථා වේ.
අදාළ නඩුව අද (04) අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැදවූ අවස්ථාවේ සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව සඳහන් වේ.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ පරීක්ෂණවල ප්‍රමාදයක් හට ගෙන තිබීම හේතුවෙන් විත්තිකරුවන්ට ඇප ලබා ගැනීමට නොහැකි වී ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාවරයා සැකකරුවන් දෙදෙනා ලබන 18 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇති අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.
The post සිරකරු ඝාතකයෝ යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.


0 Comments