Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු ආසියා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිලට පළමු කඩඉම අදයි

ප්‍රින්ස් ගුණසේකර බංග්ලාදේශයේ ඩකා නුවර සිට

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද බංග්ලාදේශයේ බංගබන්ධු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. බංග්ලාදේශයට පැමිණි පසු මෙයට දින කිහිපයකට පෙර සත්කාරක බංග්ලාදේශ පිල ගෝල් 1-0කින් පරදවා උසස් මානසික තත්තවයකින් සිටින ශ්‍රී ලංකා පිල අද ඉන්දියාවට එරෙහිව ඉතා ප්‍රබල තරග රටාවකට අවතීර්ණ වනු ඇතැයි විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියවෙ අතර ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසයේදී ඉන්දියාව ඉදිරියෙන් සිට තරග 8ක ජය තහවුරු කරගෙන ඇත. ශ්‍රී ලංකාව තරග 3ක ජය වාර්තා කර ඇති අතර තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ශ්‍රී ලංකාව අවසන් වරට 2016දී මැලේසියාවේ පැවැති සහයෝගීතා කුසලාන පාපන්දු තරගාවලියේදී මැකෝවා පිල සමග තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කළ අතර ඉන් අනතුරුව ජගත් තරගාවලියකට සහභාගී වන්නේ මෙම දකුණු ආසියා පාපන්දු තරගාවලියේදීය.

ශ්‍රී ලංකාවේදී නිමාවූ ලිතුවේනියා සමග සුහද පාපන්දු තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොරියාවේ හා ජපානයේ පුහුණු සැසි හා පුහුණු තරග කිහිපයකට එක්ව අත්දැකීම් ගොනුකර සිටිති. ඊයේ දිනයේ බංගබන්ධු ක්‍රීඩාංගණයට කිලෝමීටර් 10ක් පමණ ඈතින් ශ්‍රී ලංකා පිල විශේෂ පුහුණු සැසියක නිරතවූ අතර, ඉතා හොද තත්ත්වයක කණ්ඩායම පසුවන බව පුහුණුකරු රුමී පකීර් අලී මහතාගේ අදහස විය. “ අප ඉන්දියාවට හොදින් මුහුණ දෙනවා. අවම වශයෙන් ඉන්දියාව සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීම අපේ සැලසුමයි.

ඉන්දියාවට අපි ඇටෑකින් ෆුට්බෝල් ක්‍රීඩා කරනවා“ ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසීය.

ජාතික පාපන්දු නායක ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂාන් පවසන්නේ කොරියාවේදී හා ජපානයේදී ලද විදෙස් පාපන්දු අත්දැකීම් මෙම දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී උපයේගී කොට ශ්‍රී ලංකාවට උපරිම ජයග්‍රහණ අත්කරදෙන බවයි. මූලික වටයේදී හමුවන ඉන්දියාවට හා මාලදිවයිනට එරෙහි හොද තරගයක් ලබාදී අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව ඔසවා තබන බව හෙතෙම පැවැසීය.

ඉන්දීය පාපන්දු පුහුණුකරු ස්ටෙෆාන් කොන්ස්ටයින්ගේ තීරණයක් අනුව මෙවර ඉන්දීය පාපන්දු පිල 23න් පහළ ක්‍රීඩකයින් සමන්විත වන අතර ඔවුන් නවදිල්ලියේදී හා මෙම තරගාවලියට සති දෙකකට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පුහුණුවීම් ලබා බංග්ලාදේශයට පැමිණ සිටී.

ඉන්දීය පුහුණුකරු පවසන්නේ ඔස්ට්‍රේලියාවේදී පුහුණු තරග 3කට සහභාගීවී ඉතා හොද අත්දැකීම්වලින් සමන්විත කණ්ඩායමක් තමන් සතු බවය. “ අප ආවේ මේ තරගාවලිය දිනන්නයි. නමුත් අපි හොදම කණ්ඩායම ලෙස සිතන්නේ නෑ. සාෆ් කුසලානය දිනන්න අපට හොද අවස්ථා තියෙනවා. පළමුව අපට හමුවන ශ්‍රී ලංකා පිලට හොද සටනක් දීම අපේ මූලික සැලසුමයි“ ස්ටෙෆාන් කොන්ස්ටයින් පැවැසීය.

ඉන්දියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා පාපන්දු පිල මෙසේයි:

සුභාෂ් මධුෂාන් (නායක) - නාවික හමුදා ක්‍රීඩා සමාජය, අනුරුද්ධ වරකාගොඩ, සජිත් කුමාර, අෂුකූර් රහුමාන් - යුද හමුදා ක්‍රීඩා සමාජය, චරිත් රත්නායක, මොහොමඩ් රිෆ්නාස්, අෆීල් මොහොමඩ් සර්වාන් ජොහාර් ඩිලාන් කෞෂල්‍ය, කවීෂ් ලක්ප්‍රිය ප්‍රනාන්දු (ගෝල් කීපර්) , මොහොමඩ් ෆසාල්- කොළඹ පාපන්දු සමාජය, සන්තියා නිතර්සන් - රිනවුන් ක්‍රීඩා සමාජය, කවිදු ඉෂාන්, හර්ෂ ප්‍රනාන්දු- ගුවන් හමුදාව, ජූඩ් සුපුන්- රිනවුන් ක්‍රීඩා සමාජය, අසේල මධුෂාන් - රිනවුන් ක්‍රීඩා සමාජය, සසන්ග ජයසේකර - රත්නම් ක්‍රීඩා සමාජය, වයි. ඩක්සන් පුස්ලාස්, ධනුෂ්ක රාජපක්ෂ (ගෝල් කීපර්)නිව් යංග්ස් සමාජය, සුජාන් පෙරේරා (ගෝල් කීපර්) මාලදිවයින වෘත්තීය ක්‍රීඩක.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();