ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ඒ අනුව නුවරඑළිය, රත්නපුර, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මෙලෙස වැසි බලාපොරොත්තු විය හැකි බව සඳහන් වේ.
එමෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් සඳහන් වේ.
The post අද ප්‍රදේශ කීපයකට වැසි සමඟ තද සුළං. appeared first on Lanka News Column.
0 Comments