Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුහුණුවීම්වලට වැඩි කාලයක් අවශ්‍යයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

තමන්ට එක්ව පුහුණුවීම් කටයුතු කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන බවත්, තවත් ජාත්‍යන්තර තරගවලට එක්වෙමින් අත්දැකීම් ලබාගත යුතු බවත් ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මලල ක්‍රීඩා ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පවසති.

මීටර් 400 සහාය ඉසව්ව වූ මෙහිදී ශ්‍රී ලංකාවට සිවුවැනි තැන හිමිවූ අතර එය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හිමිකරගත් ඉහළම ස්ථානයද විය. එම කණ්ඩායම තරග නිම කිරීමට විනාඩි 3:02.74ක කාලයක් ගතකළ අතර ශ්‍රී ලංකා වාර්තාව (වි. 3:02.71) ඔවුන්ට අහිමි වූයේ දශම තුනකිනි. මෙය වසර 18කට පසු එම ඉසව්වෙන් වාර්තා වූ හොඳම කාලයද විය.

තරගයෙන් අනතුරුව ‘දිනමිණ’ට අදහස් දැක්වූ කාලිංග කුමාරගේ පැවැසුවේ පුහුණුවීම් සඳහා මීට වඩා කාලයක් ලබාගත යුතු බවයි.

‘වසර 18කට පස්සේ අපි මේ වගේ කාලයක් දිව්වේ. අනිත් රටවල් බලද්දි කටාර්, ඉන්දියාව, ජපානය තරග සංචාර කරලා මේ තරගාවලියට ආවේ. අපි තරගාවලිය ලංවෙලා එකට එක්වී පුහුණුවීම් කළේ. එහෙම කරලත් අපි තරගයක් දීලා හතර වැනියා වෙච්ච එක ගැන සතුටුයි’ කාලිංග පැවැසීය.

අනිත් රටවල් දැන් සිටම ඊළඟ තරගාවලියට සූදානම් වන බවත් ඔවුන් එලෙස සූදානම් නොවන්නේ නම් මේ අයුරින් හෝ දස්කම් දැක්වීමට නොහැකි වනු ඇති බවත් ඔහු පවසයි.

‘අනිත් රටවල් දැන් ඉදලා සූදානම් වෙනවා ඊළඟ ආසියානු තරගාවලියට. අපිත් එහෙම ලැහැස්ති වෙන්න ඕන. දැන් ඉදලා ලැහැස්ති වුනොත් ඊළඟ ආසියානු ක්‍රීඩා උළෙලේ අපිට පදක්කමකට යන්න පුලුවන්. නැත්තම් අපට තව ටික කාලයක් යද්දි මෙහෙමවත් දුවාගන්න බැරි වෙයි.’ යැයි පැවැසු කාලිංග වසර 18කට පසු මෙලෙස තරගයක් නිම කරමින් දක්ෂතා දැක්වීම හැකිවීම පිළිබඳ සතුටට පත්වුවත් පදක්කමක් අහිමිවීම කනගාටුවක් බවත් කීය.

වසර 18කට පසුව හොඳම කාලයක් වාර්තා කළත් ශ්‍රී ලංකා වාර්තාව අහිමිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු ‘අපි හතර දෙනාම හොඳටම හොඳයි. ඉස්සරහටත් මේ වගේ අපි එකට එකතු වුනොත් අපිට හොඳ ටයිමින් එකක් කරන්න පුළුවන්. අපි ආඩම්බර වෙනවා මේ වගේ කාලයක් දුවපු එක ගැන. මොකද කවුරුත් හිතුවේ නැහැ . අපි 3.2ක් දුවයි කියලා. ඒත් අපිට පදක්කමක් අහිමිවීම ගැන දුකයි. අපි දැන් ඉදලා ලැහැස්ති වුනොත් අපිට පදක්කමකට යන්න පුලුවන්.’

‘අපි සියලු දෙනා ලොකු දායකත්වයක් දැක්වුවා. අපිට පුලුවන් උපරිමය කලා. කනගාටුයි මේ වගේ ටයිමින් එකක් දුවලත් පදක්කමක් නැති එක ගැන. අනිත් ක්‍රීඩකයෝ දිහා බැලුවම ඒ ගොල්ලෝ ගොඩක් දස්කම් දක්වපු අය. ඒ අයට ලොකු පලපුරුද්දක් තියෙනවා. ඩයමන් ලීග්, ඔලිම්පික් දුවපු ක්‍රීඩකයොත් එතන හිටියා. ඔවුන් එක්ක තමයි අපි තරග කළේ. මේ ගොල්ල හුඟක් කල් ඉඳලා මේ තරග‍වලට පුහුණුවීම් කරන්නේ. නමුත් අපි සතියක් විතර තියල තමයි පුහුණුවීම් කළේ. කට්ටියටම මාසයකට කලින් ඉඳලා හරි පුහුණුවෙන්න ලැබුනනන් මීට වැඩිය දෙයක් කරන්න තිබුණා. සතුටුයි මේ වගේ වේලාවක් මෙහෙම පුහුණුවෙලා දුවන්න පුළුවන් වුණ එක ගැන.’ සහාය කණ්ඩායමේ සාමාජිකයෝ පැවැසූහ.

ඉදිරි පැවැත්වෙන තරගාවලි සඳහා සහභාගිවීමට බලාපොරොත්තුවෙන් සිටින මේ කණ්ඩායම පැවැසුවේ තරග වලට සහභාගිවී ඇත්දැකීම් ලබාගෙන මේ තරග සඳහා එක්විය යුතු බවයි.

‘ඉස්සරට පැවැත්වෙන තරගවලට අපි සහභාගි වෙන්න. මොකද ඉන්දියාව, කටාර් ගත්තොත් ඒ ගොල්ල හතර දෙනාම එකට පුහුණුවීම් කරන්නේ. ඒ ගොල්ල රේස් දුවනවා. රේස්වල අත්දැකිම් අනිවාර්යයෙන්ම ඕන. අපි තරගාවලිය ළංවෙලා කොච්චර උත්සහ කළත් අමාරුයි. අපි රේස් දුවල රේස් අත්දැකීම් ගන්න ඕන.’

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();