Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංගා පාපැදියට බසී

Author(s): 
මිහිර විජේසේකර

දිවයින පුරා සිටින ජනතාවගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය ඇතිකරලීම සහ සියදිවි හානිකර කර ගැනීම වැළැක්වීමේ අරමුණින් සී.සී.සී. පදනම විසි්න උත්සාහය, දයාව, කැපවීම් අරමුණු කරමින් සංවිධාන කරනු ලැබූ ‘අඳුරෙන් එළියට පාපැදි සවාරිය‘ පසුගියදා (29) කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භකර පළමු දිනයේ හලාවතින් නිමාවට පත් කළේය.

දිවයිනේ ප්‍රධාන නගර 13 ආවරණය කරමින් කිලෝමීටර 1333 ක දුර ප්‍රමාණයක් ගමන්ගන්නා මෙම පාපැදි සවාරිය ලබන 13 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයෙන් අවසන් කිරීමට නියමිතය. හිටපු ක්‍රිකට් නායක කුමාර

සංගක්කාර මහතාද මෙම පාපැදි සවාරියට එක්වී සිටින අතර හෙතෙම එම පදනමේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

මේ පාපැදි සවාරිය පැවැත්වෙන අතරතුරදී දිවයිනේ තෝරාගත් නගර කීපයකදී වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සියදිවි හානි කරගැනීමට පෙළඹීම, ඉන් වලක්වා ගැනීම හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම් මෙහිදී සිදු කෙරේ. මේ ආයතනය තුලින් ජනතාවට අවශ්‍ය සේවාවන් පැය 24 පුරාම ලබාදීමට කටයුතු කර ඇතැයි හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා මෙහිදී පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();