ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාවට එකම පදක්කම රග්බි පිටියෙන්ද ? තීරණය අද
ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි ඉසව්වට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රබල චීනය ලකුණු 17-12කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා පිල අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.26ට ජපානය සමගින් අවසන් පූර්ව තරගයට එක්වෙයි. රග්බි ඉසව්ව අද නිමාවට පත්වන අතර පදක්කම් සඳහා වන තරග පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ඊයේ පැවැති තරගයේ පළමු භාගයේදී ලකුණු 17ක් රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශිලී ක්‍රීඩා විශාලය හේතුවෙන් ප්‍රතිවාදී චීනයට රැස්කරගත හැකිවූයේ ලකුණු 5ක් පමණි. දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු රැස්කිරීමට නොහැකි වුවද චීනයට ලබාගත හැකිවූයේ ලකුණු 5ක් පමණි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රීසා රෆායිඩීන්, ශ්‍රීනාත් සූරිය බණ්ඩාර සහ සුදම් සූරියආරච්චි උත්සාහක දිනුම් වාර්තා කළ අතර සුදම් පරිවර්තනයක්ද සාර්ථක කර ගත්තේය.
ඊයේ පෙරවරුවේ පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තාන ලකුණු 36-0කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.
එම තරගයේ පළමු භාගය ලකුණු 14-0කින් පෙරමුණ ගත් ශ්‍රී ලංකාව දෙවැනි භාගයේදී තවත් ලකුණු 22ක් එක්කර ගත්තේය.
එහිදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 2ක් සහ පරිවර්තන 2ක්, සුදම් සූරියආරච්චි උත්සාහක දිනුම් 2ක් සහ පරිවර්තනයක්, රීසා රෆායිඩීන් සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුමක් බැගින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කළහ.
මේ අතර ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් පිල මේ තරගාවලියේ සහභාගීවන අවසන් තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි. මේ තරගාවලියේ 13 සහ 14 වැනි අතර ස්ථාන තේරීම සඳහා එම තරගය වියට්නාමය සමගින් පැවැත්වෙයි.රටවල් 45ක් එක්වූ මේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන චීනය ඊයේ සවස් වනවිට රන් 113ක් රිදී 78ක් සහ ලෝකඩ පදක්කම් 56ක් දිනා තිබිණි. රන් පදක්කම් 62ක් සමගින් ජපානය දෙවැනි ස්ථානයේ පසුවූ අතර දකුණු කොරියාව තෙවැනි ස්ථානයේත් සත්කාරක ඉන්දුනීසියාව සිවුවැනි ස්ථානයේත් පසුවෙයි. රටවල් 37ක් පදක්කම් සටහනට ඇතුළත්ව ඇති අතර ශ්‍රී ලංකාව සමගින් රටවල් 8ක් තවමත් පදක්කම් දිනා නැත.
රැකියාවක්.. නිවසක්.. සහ වාහනයක්...
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක ලෙස කටයුතු කරන ඉන්දුනීසියාවේ ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා ක්‍රීඩා උළෙල ආරම්භයේදී සිය ක්‍රීඩකයන්ට පොරොන්දුවක් ලබා දුන්නේය.
එනම් මෙවර ක්‍රීඩා උළෙලේ දිනා ගන්නා සෑම පදක්කමක් වෙනුවෙන්ම රැකියාවක්, නිවසක් සමගින් වාහනයක් ද ලබාදෙන බවය.
සිය රටේ ක්‍රීඩකයන්ගේ ධෛර්ය වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා කළ එම දිරි ගැන්වීම කෙතරම් සාර්ථක වී ඇද්ද යන්න තරගාවලිය නිමාවීමට දින කිහිපයක් ඉතිරිව තිබියදීම ඔප්පු වී හමාරය. මන්දයත් ඉන්දුනීසියානු ක්‍රීඩක ක්‍රීඩිකවෝ තරගාවලියේ 11 වැනි දිනය නිමාවනවිට පදක්කම් 88ක් තම රට ඉදිරියේ සටන් කිරීමට සමත්ව සිටිති.
රටවල් 45ක් අතුරින් ඔවුන් මේ වනවිට සිවුවැනි ස්ථානයට පත්ව සිටී.
ඉන්චියොංහී පැවැති 17 වැනි ක්‍රීඩා උළෙලේදී ඉන්දුනීසියාව 17 වැනි ස්ථානයට පත්ව සිටියේ පදක්කම් 20ක් සමගිනි.
එහිදී ඔවුන් සතුව තිබුණේ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 11කි.
මෙවර ක්‍රීඩා උළෙලේදී එම සංඛ්‍යාවට රන් පදක්කම් 30ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 37ක් මේ වනවිටත් එක්කර ගැනීමට ඉන්දුනීසියානු ක්‍රීඩක ක්‍රීඩිකවෝ සමත්ව සිටිති.
එහි ඉදිරියෙන්ම සිටින්නේ ජෆ්රෝ මෙගවන්ටෝය. ඔහු ගුවන් කරනම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා සිටී. අරිස් සුසන්ති රහයු කඳුනැගීමේ ක්‍රීඩාවෙන් රන් ද්විත්වයක් දිනා ඇති අතර ක්‍රීඩකයන් 7ක් සහ ක්‍රීඩිකාවක් රන් හා රිදී පදක්කම බැගින් දිනා සිටිති.
මින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු ජොනතන් ක්‍රිස්ටි ය. ඔහු තවමත් විසි හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙකි. ඔහු මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානයේ පසුවෙයි. ජෝජෝ යන නාමයෙන් හඳුන්වන ඔහු ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

0 Comments