Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 11ක් පැරණි තරග වාර්තාවක් සා. පීතර් විදුහලේ හෂේන් බිඳ දමයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය 88 වැනි වරටත් සංවිධාන කරනු ලබන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 11ක් පැරණි තරග වාර්තාවක් බිඳ හෙලීමට බම්බලපිටිය සාන්ත පීතර් විදුහලේ හිරූෂ හෂේන් සමත් වෙයි. වයස අවුරුදු 16න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකළ හෂේන් මීටර් 7.19ක දක්ෂතාවක් දැක්වීය.

එහි පැරණි වාර්තාව වසර 2007දී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආර්. ගුණසිංහ මීටර් 6. 84කින් පිහිටුවා තිබුණි. ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෂේන් නව තරග වාර්තාව බිහිකරමින් රන් පදක්කම දිනා ගනිද්දී එම ඉසව්වේ රිදී පදක්කම මීටර් 6.62කින් කොළඹ සාන්ත ජෝෂප් විදුහලේ පසිදු මල්ෂාන් මිටර් 6.62කින් හා ලෝකඩ පදක්කම සාන්ත පීතර විදුහලේ එච්. ඒ. කේ. කෞෂාල් මීටර් 6.54කින් දිනා ගත්හ.

වයස අවුරුදු 18න් පහළ පිරිමි රිටි පැනීමේ ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනම යාපනය මහජන විදුහලේ ක්‍රීඩකයන් දිනා ගැනීම විශේෂත්වයකි. එස්. සුගේරතන් (මී. 4.00) රන් පදක්කම, එස්. ජැම්සන් (මී. 4.00) රිදී පදක්කම හා ඒ. ගිනෝජන් (මී. 3.60) ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ සිට මේ මස 21 දක්වා කොළඹදී පැවැත්වෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000කට අධික ප්‍රමාණයක් සහභාගි වෙති. රටපුරා පාසල්වලින් ජ්‍යෙෂ්ඨ තරගාවලිය සඳහා අවුරුදු 16න්, 18න් හා 20න් පහළ වයස් කාණ්ඩ තුන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරිපත්ව සිටිති.

 

අද මෙම මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();