‘එස්.එල්.ටී. ස්පීඩ් අප්‘ පාපැදි සවාරිය සැප්තැම්බර් මාසයේදී තෙවැනි වරටත් පැවැත්වෙයි. පිරිමි තරගය සැප්තැම්බර් 4 වැනිදා සිට 8 දක්වා පැවැත්වෙන අතර කාන්තා තරගය සැප්තැම්බර් 7 සහ 8 පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ. මීට අමතරව පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැරා පාපැදි තරගයක් ද මෙවර ඇතුළත්ය. එම තරගය සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
එස්.එල්.ටී. ස්පීඩ් අප්‘ පාපැදි සවාරිය පිළිබඳ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ අලෙවි ප්‍රධාන විධායක අජන්ත සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් පළකරයි.
‘ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව වෙනුවෙන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන්ද යුතුකම් ඉටුකිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත ලැබුණු අවස්ථාවක් ලෙසින් එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය අප යොදාගන්නවා. ක්‍රීඩාව කියන්නේ ජනතාවගේ හදවත කම්පනය කරන්න පුළුවන් මාධ්‍යයක්. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ පාපැදි ක්‍රීඩාවේ ගුණාංග අතර මනා ගැලපීමක් තිබෙනවා. එනිසාම එස්.එල්.ටී. කියන සන්නාමය සහ ක්‍රීඩාව අතර දිගුකාලීන හෘදයාංගම සබඳතාවක් ගොඩනැගෙනවා. එස්.එල්.ටී. කියන්නේ ශ්‍රී ලංකාවේ වේගවත්ම බ්‍රෝඞ්බෑන්ඞ් ජාලය බවට පත්වී එම ක්ෂේත්රය ජයගත් ආයතනයක්. පාපැදි කරුවෙකුගේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයත් එයමයි. එස්.එල්.ටී. කියන්නේ රට පුරා ජනතාවගේ විශ්වාසය දිනාගත් නාමයක්. අප කෙරෙහි විශ්වාසය තබා අපගේ සේවාවන් තොරාගත් ජනතාවට ආශ්වාදනීය අත්දැකීමක් ලබාදීමට මෙම ස්පීඩ් අප් සවාරිය මගින් අපට හැකිවෙනවා.‘ ‘මෙම ඉසව්ව යොදාගනිමින් පාපැදිය ජනප්‍රිය කරවීම හරහා ක්‍රීඩාවටත්, සමාජයටත්, පරිසරයටත් යුතුකම් ඉටුකරන්නට අපට හැකිවෙන බව මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ අංක එකේ විදුලි සංදේශ සැපයුම්කරු ලෙසින් සිටිමින් පවා අප නොනැවතීම අපගේ සේවාවන් නව්‍යකරණයට ලක්කරමින් අලුත්ම අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට ලබාදෙනවා වගේම මෙම එස්.එල්.ටී. ස්පීඩ් අප් තරගාවලියත් නව්‍යකරණයට ලක්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට කාන්තා අංශයෙන් දින දෙකක් පුරා ක්‍රියාත්මක ඉසව්වක් සංවිධාන කර තිබෙනවා වගේම පළමුවරට පැරා ක්‍රීඩකයන් සඳහාද ඉසව්වක් සංවිධාන වනවා. ඒ අයුරින් මෙරට ක්‍රීඩාවේ ඉතිහාසයට එක්වන ඉසව්වක් සංවිධාන කිරීමට ලැබීම අපට භාග්‍යයක්.‘ ‘ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් සන්නාමයක් වන එස්.එල්.ටී. පිළිබඳ අනුග්රාහකයකු ලෙසින් මෙරට පාපැදි ක්ෂේත්රය තැබූ විශ්වාසය ඉටු කරන්නට හැකිවුණා වගේම මෙම තරගාවලිය මගින් පාපැදි ක්‍රීඩාවට ලබාදෙන ජවය, ජාත්‍යන්තරයේ පාපැදි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව තව තවත් දිනවීම පිණිස හේතුවනු ඇතැයි අප විශ්වාස කරනවා.
0 Comments