Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලලිත්ගෙන් තවත් වැඩක්

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ජනපති ක්‍රීඩා ප්‍රභා ගෞරව සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ ක්‍රීඩා ගත්කතුවරයකු වන ලලිත් ගුණවර්ධන මහතා ‘දිගැදුම් අභ්‍යාස‘ (Stretching) නමින් සිය නවතම ග්‍රන්ථය පසුගියදා එළිදැක්වීය.

දිගැදුම් අභ්‍යාස කිරීමෙන් ශරීරයට ශක්තිය ලැබෙන අයුරු, දෙපා හා වළලුකර, උකුල, බෙල්ල, උරහිස්, දෙඅත් සහ මැණික් කටු ආශ්‍රිතව ආදි වශයෙන් දිගැදුම් අභ්‍යාස රැසක් පිළිබඳ කතුවරයා සිය කෘතියෙන් පැහැදිලි කරයි. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණු වැඩසටහන් තුළට දිගැදුම් අභ්‍යාස ඇතුළත් වී නැති බවත්, ඇතුළත් වී ඇති දිගැදුම් අභ්‍යාස නිවැරැදිව නොකෙරෙන බවත් කතුවරයා කියයි.

කවපෙත්ත, යගුලිය හා මිටිය වීසිකිරීම ඉසව්වලින් ජාතික ශූරතා දිනූ පළමු මළල ක්‍රීඩකයා වන ලලිත් ගුණවර්ධන මහතා කවපෙත්ත වීසිකිරීමේ ඉසව්වේ සමස්ත ලංකා වාර්තාවකට ද හිමිකම් කියයි. මීට අමතරව ඔහු බර ඉසිලීමේ සහ මල්ලවපොර ක්‍රීඩාවලින්ද ජාතික ශූරතා දිනා ඇත.

වර්තමානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණ අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ලලිත් ගුණවර්ධන මහතා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත්, ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරයි.

ඔහු සිය කෘතියේ මුල් පිටපත පසුගියදා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පිළිගැන්වූ අයුරු.

-ෆවුස්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();