සමපෝෂ පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ වයඹ පළාත් සමස්ත බාලික ශූරතාව දිනාගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝශප්වාස් විදුහල් පිල සමත්විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය විසිනි.
අනාගත මලල ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් ජාතික තලයට ගෙන ඒම සඳහා දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමාගමට අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඩ්ස් නිෂ්පාදනය කරනු ලබන මෙරට ප්‍රමුඛතම පෝෂණීය සන්නාමය වන සමපෝෂ අනුග්‍රාහකත්වය යටතේ පැවැති මේ පාසල් මළල ක්‍රීඩා තරගාවලියට වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පාසල් නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,000කට අධික පිරිසක් සහභාගී වූහ. සති තුනක් පුරා දියත් කෙරුණු මෙම තරගාවලියේදී එක් එක් පළාත් වෙන වෙනම තරගාවලි සංවිධාන කිරීමට කටයුතු කළේය.
වෙන්නප්පුව ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවති වයඹ පළාත් තරගාවලිය සඳහා පාසල් 480ක් නියෝජනය කරමින් යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3,500කට අධික පිරිසක් තරග කළහ.
උතුරු මැද පළාත් තරගාවලිය ගල්නෑව මහවැලි පිටියේදී ජුලි මස දෙවන සතියේදී පැවැත්වුණු අතර පාසල් 470ක් අතරින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2,500කට අධික පිරිසක් සිය ක්‍රීඩා කුසලතා පෙන්නුම් කළහ. පොළොන්නරුව රාජකීය විද්‍යාලය බාලිකා ශූරතාව හිමිකර ගත් අතර අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ශූරයෝ බවට පත්වූහ. පොළොන්නරුව රාජකීය විද්‍යාලය සමස්ත ශූරතාව ද තමන් සතුකර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
කන්තලේ ලීලාරත්න පිටියේ පැවති නැගෙනහිර පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා පාසල් 485ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට අධික පිරිසක් සහභාගී වූහ. බාලක සහ බාලිකා සමස්ත ශුරතා ද්විත්වයම අම්පාර දිස්ත්‍රික්කයට හිමිවූ අතර අම්පාර අධ්‍යාපන කලාපය බාලිකා ශූරතාව දිනාගත් අතර පද්දිරුප්පු අධ්‍යාපන කලාපය බාලක ශූරතාව දිනා ගත්තේය.
මෙම පාසල් මලල ක්‍රීඩා තරගාවලි පැවැත්වීමේදී උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) වයි. එම්. එච්. කේ. අබේකෝන්, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (ශාරීරික අධ්‍යාපන) එච්. කේ. එම්. රාජතිලක, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (ශාරීරික අධ්‍යාපන) ඊ. ජී. පී. අයි. ධර්මතිලක යන මහත්වරු සී.බී.එල්. සමපෝෂ සමග සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කළහ.
0 Comments