Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හදිසි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා සිටියදී හිතේ හයියෙන් උසස්‌ පෙළ ලියූ සිසුවා

රිය අනතුරකින් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙමින් සිටියදී දැඩි ආත්ම ශක්‌තියකින් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුවකු පිළිබඳව මතුගමින් අනාවරණය වේ. මතුගම ඕවිටිගල පදිංචි හවිදු ශාමික මතුගම ආනන්ද ශාස්‌ත්‍රාල ජාතික පාසලේ අධ්‍යාපනය ලබා මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.

පසුගිය සිකුරාදා සවස ඕවිටිගල රිටිකැටිය මංසන්ධියේ දී හවිදු පැදවු යතුරු පැදිය අනතුරකට ලක්‌වී බරපතළ තුවාල ලැබු ඔහු කළුතර මහ රෝහලට ඇතුළත් කෙරිණි. ඔහුගේ හිසට හා අත්පාවලට සිදුවූ තුවාල නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිණි.

එහෙත් හවිදුගේ අවශ්‍යතාව වූයේ පසුදින උසස්‌ පෙළ පොදු පරීක්‍ෂණයට කුමන තත්ත්වයක සිටියද පෙනී සිටීමයි.

ඒ අනුව පොදු පරීක්‍ෂණය පැවැති සෙනසුරාදා දින හවිදුව දෙමාපියන් විසින් ආනන්ද ශාස්‌ත්‍රාල විභාග ශාලාව ආසන්නයට කාරයකින් රැගෙනවිත් ඔහුගේ තත්ත්වය පිළිබඳ විභාග ශාලාධිපතිවරයා දැනුවත් කර ඇත. ඒ අනුව හවිදු රැගත් කාරය විභාග ශාලාව අසලට ගෙන විභාග පරීක්‍ෂකවරුන්ගේ නිරන්තර අධීක්‍ෂණය මත රථයේ සිට විභාගයට මුහුණ දීමට අවස්‌ථාව සලස්‌වා දිනි.

හවිදු සිසුවා විභාගයට පෙනී සිටි පසු කියා සිටියේ තමාගේ අපහසුතාවය පිළිබඳව කාරුණිකව අවධානය යොමු කර තමන්ට පොදු පරීක්‍ෂණයට පෙනී සිටීමට අවස්‌ථාව සලස්‌වාදුන් විභාග ශාලාධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට තම ස්‌තුතිය පුද කරනා බවය.

exam555



from Gossip Lanka News & Video https://ift.tt/2BB2EZj
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();