වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, විදේශ රැකියා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර සිටී. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න සඳහන් කර ඇත්තේ එම ලිපිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය මගින් අදාළ අමාත්‍යංශය වෙත යොමු කළ බවයි.
වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් නීතිමය පසුබිම විදේශ රැකියා නියුක්ති කාර්යංශය තමන්ගෙන් විමසා තිබූ බව ද ඔහු පවසයි. එම විමසීමට පිළිතුරු ලෙස වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත නොකරන ලෙසට දන්වා ලිපියක් යැවූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර විදේශගත වන දරුවන් සිටින කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා ගැනීම පිළිබඳව යළි සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව ය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, හරීන් ප්‍රනාන්දු , තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර සහ තමන් ඇතුළත් බව ය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිදු කළ ඉල්ලීමක් අනුව අදාළ කමිටුව පත් කර තිබේ.
The post මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන්නැයි ඉල්ලීමක්. appeared first on Lanka News Column.


0 Comments