ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් මේ වන විට රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙන බව සඳහන් වේ. ආගමික උත්සවයකට සභාගී වී සිටියදී ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු තුනහමාරක් වු පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් රෝහල් භූමියේ සිටි ජනතාව මෙලෙස නොසන්සුන් වී ඇති බව පැවසේ.
මේ වන විට 700 ක පමණ පිරිසක් රෝහල් භූමියේ රැදී සිටින බවත්, රෝහලේ ආරක්ෂාව සඳහා පොලීසිය යොදවා ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post ගලහ රෝහල නොසන්සුන් වෙයි. appeared first on Lanka News Column.


0 Comments